" කියන්න !"
ආරෝහුගෙ නිශ්ශබ්දතාවය මට ගෙනාවෙ ලොකුම ලොකු බයක් වෙනකොට මං ආරොහුට කතා කරේ තදින්.. එයාව ගැස්සිලා ගියා මගෙ කටහඬට..
" ඇල්ෆලා දෙන්නගෙන් ඇහුවද වීණාව්"
" ඔව් ඇහුවා කියන්නෙ නැහැ දැනගන්න ඕනේ නැහැ ලු.. ලොකු දෙයක් නෙවෙයි ලු ඒත් ඒක සහමුලින්ම බොරු කියලා නොතේරෙන්න මම මේ අත දරුවෙක් නෙවෙයි ආරෝහු"
ආරෝහු මං දිහා බලලා ලොකු හුස්මක් ගත්තා..
.
.
.
.
.
."චූටි! මොන ලෝකෙද බං ඉන්නෙ බැහැපන්"
මං ගෞතම්ට රවාන් කාර් එකෙන් බැස්සෙ සිදුත් බහිනකොට.. ගෞතම් කාර් එක අරන් පාකින් එකට ගියේ සිදුයි මායි ගෙදර ඇතුලට එනකොට..
" ඔයාල වොෂ් එකක් දාන් එන්න මං උයන්නම්"
" බොරුවට මහන්සි වෙලා ලොකු දේවල් හදන්න එපා චූටි ලේසි දෙයක් හදන්න ම්ම්"
සිද් මගෙ කම්මුලක් මිරිකන් යනකොට මං ඔළුව වනලා කුස්සියට අවේ බිත්තියේ එල්ලලා තිබ්බ ඒප්රන් එක බෙල්ලට දාන් පිටිපස්සෙන් ගැටගහන්.
උඩ කබඩ් එක ඇරල ගත්ත මැකරෝනි පැකට් එක කඩලා වතුරට දාලා තැම්බෙන්න තියලා කැරට් ලීස් කපලා සොසේජස් කරල් නමයක් අරන් ඒකත් එලියෙන් තිබ්බා.. කැරට් සුද්ද කරලා ග්රේට් කරලා ගන්නකොට මැකරෝනි එක හරි නිසා මං ඒක පෙරාගෙන ලොකු නොන්ස්ටින් පෑන් එකක් ලිපේ තියලා තෙල් දැම්මා.. ඒකට සුදුළූනු දාලා කලවම් කරලා බිත්තර පහක් කඩලා දැම්මා.. මිරිස් ,ගම්මිරිස් , කහ ,ලුණු ඔක්කොම දාලා ඒක හොදට කලවම් කරලා ඒකට කැරට් ලීක්ස් දාලා නෝ කැටයකුත් දාගත්තා..ආපහු ලුණු ටිකක් දාලා රහ බලලා මැකරෝනි ටික ඒකට දාන් හොදට කලවම් කරගන මොසරැල්ලා චීස් ටිකක් උඩින් දාලා අපහු රත් වෙන්න තියාලා විනාඩි ගානකින් බෑවා..
" කන්න එන්න..!!!!"
මං දෙන්නටම මයින්ඩ් ලින්ක් කරේ කොච්චර කෑගැහුවත් මුන් බබාලා දෙන්න වගේ ඉන්න නිසා මං උගුර කඩාන් කෑගහන්න ඕනේ ඒත් වැඩක් නැහැ ලද දෙයින් ප්රයෝජන ගන්න එපැයි..
දෙන්නම නාල කරලා පිජාම කිට් වලට මාරු වෙලා කෑම මේසෙන් ඉඳගන්නකොට මං පෑන් එකම ගිහින් කෑම මේසෙන් තිබ්බේ පිඟාන් තුනයි ගෑරුප්පු තුනයි හැඳි තුනයි ගිහින් තිබ්බා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)