මං එක්සෑම් හෝල් එකෙන් එලියට ආවේ අත ගස ගස ලියලම අත රිදෙනවා... මුන්ට පිස්සුනේ ඔක්කොම දේවල් එකම දවසෙ දාන්න.. උදේ පාන්දර හයට පටන් ගත්ත එක්සැන් එක පලවෙනි සබ්ජෙක්ට් එකේ ලියන පේපරේ දෙනවා එක ඔක්කොම ඉවර උනේ හවස පහට..
ඔහොම දවස් පහක් ගෙවුනේ එක්සෑම් එක්කන්.. සබ්ජෙක්ට් පහක් නැහැ සබ්ජෙක්ට් තුනයි ඒත් අපේ ප්රැක්ටිකල් දවස් දෙකක් තිබ්බා..
" අහ්...ඒකත් ඉවරයි....! මේ දැනෙන සතුට නිදහස සල්ලි දීලවත් ගන්න බැහැ යකෝ!!!"
මං හයියෙන් කෑගැහුවේ මාව ගන්න ඇවිත් හිටිය අයිය හිනා වෙවී මං ගාවට එනකොට..
එක්සෑම් එක ඉවර වෙලා දවස් ගෙවුනේ අගෝස්තු වලට දින කැරකිලා ඇවිත්..
අපි මේ අවුරුද්දෙ ගිය අවුරුද්දෙ ඊට කලින් අවුරුද්දෙ මගෙ ගොං ඩබලගෙ උපන්දින සැමරුවා.. ඒත් මං මගෙ උපන්දිනේ සමරනවට කැමති උනේ නැති නිසා එදාට අපි ඔක්කොම කොහෙට හරි දානයක් දුන්නා.. මේ පාර අපේ ෆැමිලි ඔක්කොම පැක් එකේ ක්රිස්මස් පාටියක් රෙඩී කරනවා මොකද ඔක්කොමලා ක්රිස්ටියන් නිසා.. ඒ දෙසැම්බර් වල..
මං කුකුලා අතේ අරන් අයියලා ගෙදර ගියේ සිද් වගේම ආයු දෙන්න අද ලන්ඩන් යනවා . අද විශ් කරන්න දෙන්නෙක් ඉන්නවනේ..අවුරුදු ගෙවුන හැටි හරි පුදුමයි නේ..
අළු පාට කලිසමකට සුදු අත් දිග ෂර්ට් එකක් ඇඳන් සුදු සපත්තු දෙකකුත් දාන් වොච් එකත් බැඳන් මං කාර් එකට නැග්ගා .. මේ අවුරුද්දේ බර්ත්ඩේ ගිෆ්ට් එක ආයුගෙනුයි සිද්ගෙනුයි හම්බුන කාරෙකක් එක මං ලයිසන් ගත්තේ ලඟදි උනත් උන් දෙන්න මේක දුන්නා..
අවුඩිය කළු එකක් පට්ට ලස්සනයි වගේම සුපිරී..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)