චරිත හදුන්වා දීම
සහේල විරාග් ශනුද්රිත [ ශනූ ] - කොලඹ සිට කතරගමට පැමිණෙන 18හැවිරිදි පිරිමි තරුණයෙකි. අමනුශ්ය දෝශයක් නිසා නිතර අසනීප වලට ගොදුරු වන යම් තරමක් දුර්වල අයෙකි. එම දෝශ වලට ප්‍රතිකාර කිරීම සදහා කතරගමට පැමිණීමට ඔහුට සිදුවේ. හතිය වැනි රෝග වලින් පීඩා විදින අතර ඉතාම අහිංසක ආදරණීය චරිතයකි. ඕනෙම කෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි මොහු ඉතා සංවේදී චරිතයක් වුවත් තමන්ගෙ හැගීම් හංගගෙන අනිත් අයගෙ හිනාව වෙනුවෙන්ම කැපවෙන අයෙකි
ආර්යු දේවාන් 𝓡𝓤 - කතරගම දේවාල භූමියේ ඇති කඩවල් වල සේවය කරන වයස අවුරුදු 22 වියැති පිරිමි ළමයෙකි. මත් ද්‍රව්‍ය වලට අතිශය ඇබ්බැහි වී ඇති අයෙක් වන අතර දෙවියන් ගැන කිසිදු විශ්වාසයක් නැත. තම මිත්තනිය සමග කුඩා නිවසක ජීවත් වෙන අයෙකි. නිතරම රණ්ඩු වලට පැටලීම, නීති විරෝධී ක්‍රියා වල නිරත වීම ඔහුගෙ ජීවිතේ කොටසක් විය. ඔහුගේ ශබ්ද කෝශයේ බහුතරයක් කුනුහර්ප විය.ඉක්මනින් තරහ යන තරහ පාලනය කිරීමට ඉතාම අපහසු අයෙකි. ඇතැම් වෙලාවට බොහොම නිහඩය ඇතැම් වෙලාවකට ඉතාම වාචාල ය. නිරතම ඔහුගෙ ලග මොනර පිහාටුවක් පමණත් තනියට තිබුණි.
YOU ARE READING
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION (ONGOING)
Non-Fictionඅයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍