" මං යන්නේ නෑ!!"
" විශ්වාස කරන්නම මිනිහනේ.. ගයිස් ඔයාලා කාල රුම්ස් වලට යන්න කවුරුත් අස් කරන්න එපා රදිත්ය ඔයාට අර රූම් එක ගන්න පුළුවන් "
" කවුද රදිත්ය!!"
මං ෆෝන් එක කෙනෙන් අයින් කරලා ඔක්කොටම වෙන්න ඕනේ දේ කියලා උඩට ආවා
" යාළුවෙක් ඇයි මොකද ? "
" තමුසේගෙ යාළුවෝ හැමෝම ඕක අස්සට දාගන්න උඹට පිස්සුද?"
" අනේ මේ උඹ මගෙන් අහගන්න එපා ආයූ! මං මෙහෙ හිටියට තමුසේ කරන ඔක්කොම දන්නාවා හරී.."
කතා නැහැ දැන් කතා නැහැ ඇත්ත කියනකොට අහන් ඉන්න බැහැ නේ..
" එව්ව කියන්නද අර කෙල්ලෙක් ලඟින් යනකොට විසිල් ගහන එව්වා, ඇස් ගහන එව්වා , ආ! මහ ලොකුවට ගියේ බිස්නස් වැඩවලටලු මොන බොරුද වටේ යනවා ලැජ්ජා නැහැ !"
" ....... "
" ඇයි ඇත්ත කියනකොට අහන් ඉන්න බැයිද පොඩි මහත්තයට!"
" මං කවුරු ලයින් කරත් මැනිකේ ෆස්ට් ඔයානේ.. ආතල් එකට බං ඒවා කරන්නේ නැට්ට පාගගන්නෙ නැතුව ඉඳහන්"
" එහෙම බැහැ තමුසේ අපේ! අපේ කියන්නේ මගෙයි සිද්ගෙයි විතරයි! අනික උඹ ජෝක් එකට කරාට උන් සිරා අරන් පස්සෙන් ආවොත් එහෙම අර හැතිරි වගේ"
" උඹලා දෙන්නාගෙ තමා බං .. මං කවුරු ලයින් කරත් උඹනේ මාව ලයින් කරන්නේ මැනික.. යූ ආ මයි ලව්...දැන් තියපන් ඔළුව කන්නේ නැතුව"
ෆෝන් එක තිබ්බා..මං ටිකක් හාන්සි වෙලා කොට්ටෙට ගැහුවේ ගෞම්ට ගහනවා වගේ.. අහන්න ලැබුන දේවල් එක්ක මට මල පයිනවා මේ හුප්තා නිසා.මං දන්නවා ඒ කොලු කමට කරන දේවල් කියලා ඒත් අනේ එහෙම ඕනේ නැහැ නේ මං කියන්නේ...මං පැය දෙකකට පස්සේ පල්ලෙහාට යනකොට ඔක්කොම ගිහින් මං ප්ලේට්ස් ඔක්කොම හෝදලා එතන සුද්ද කරලා ගාඩ්න් එකට ගියේ සිගරට් එකක් පත්තු කරන්.
ඒක මින්ට් රසයි නහයත් එක්ක කූල් වෙනවා.. මං දුමක් ඇදලා ඒක උඩට පා කරලා ඇරියේ බෙන්ච් එකේ ඉඳන් ඔළුව පිටිපස්සට බර කරන් කකුලක් පිට කකුලක් දාන්..
" මටත් දීපන්"
රදිත්ය ඇවිත් සිගරට් එක අරන් ඌත් ඇදලා මට දුන්නා..
YOU ARE READING
Majesty Luna
Werewolfබිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy)