"කුරුළු එන්න"
ගේට් එක ඉස්සරහා සිකියුරිටි රූම් එකේ බිත්තියට හේත්තු වෙලා බෑග් එකේ පටිය කරක කරක ඉන්නකොට යුපුන් අයියා ඇවිත් කතා කරපු සද්දෙට මම ගැස්සිලා ගියා. යුපුන් අයියා බෑග් එකත් තනි කරට එල්ලගෙන වොච් එකෙන් වෙලාව බලනගමන් මගේ ඉස්සරහා ඇවිත් හිටගන්නකොට එයාගෙන් ආව පර්ෆියුම් සුවදට මාව නෑවිලා ගියා.
"කෝ වන්දිත?"
"එයා අද එන්නෑ. දැන් ගුණසේන එකට ගියා අක්කා එනවා කියලා"
"හ්ම් එහෙනම් අපි යමු"
යුපුන් අයියා ඔලුව වනලා මාවත් ඉස්සර කරගෙන යනකොට මාත් එයාගේ පස්සෙන් ආවා. මේ වෙනකොට ස්කූල් එක සම්පුර්ණයෙන්ම වගේ හිස්. ආෆ්ටර් ස්කූල් ඉන්න උන් ඇරෙන්න බලු බල්ලෙක් නෑ මේ ඒරියා එකේ. නිකමට වගේ මම වටපිට බැලුවත් අපේ අයියා පේන්නවත් හිටියේ නෑ.
"කෝ අපේ අයියා?"
යුපුන් අයියා හැරිලා මං දිහා බලලා මුකුත් නොකියා මග නවත්තලා තිබ්බ කාර් එකේ දොර ඇරියත් මම ඇතුලට නගින්නේ නැතුව නැවතුනා. මොකද දවල් වරුවේ දැක්කත් හරි මම එයාව ආපහු දැක්කෙම නෑ.
"එයා එන්නැද්ද?"
"තාරූ රේඩියෝ ක්ලබ් එකේ වැඩක්. ඌ කෂ්මිර එක්ක හවස් වෙලා එයි. අනික මම උබට එක්කන් යනවා කියලා ඌ දන්නවා. උබ නැගපංකෝ දැන්"
යුපුන් අයියා දොරත් අල්ලන් මට ඇස් වලින් නැගපං කිව්වම මම වටපිටත් බලලා කාර් එකට නැග්ගා. ඊටපස්සේ එයත් ඇවිත් මට එහා පැත්තෙන් ඉදගෙන දොරත් වහලා දැම්මා. වාහනේ පාරට දානකම් අයියා කොයි වෙලේ හරි එයි කියලා හිතුවත් එයා ආවේ නෑ.
මාත් මේ කාර් එකේ බැක් සීට් එකේ යනවමද කොහෙද. කලින් ගියේ පැසෙන්ජර් ප්රින්ස් සීට් එකේනේ. බිම තිබ්බ බැට් එකකුත් කකුලෙන් එහාට කරලා මම මගේ බෑග් එකත් කරෙන් ගලවලා ඔඩෙක්කේ තියාගෙන හේත්තු වෙනකොට යුපුන් අයියා ෆෝන් එකක් සාක්කුවෙන් එලියට ඇදලා ගත්තා. ඔන්න ඔන්න ස්කූල් එකේ නිතී රකින පුත්තු. අපේ අයියත් වෙලාවකට ෆෝන් එක උස්සන් එනවා මම අනන්තවත් දැකලා තියනවා. අපි ගෙනාවොත් තමා නටන්නේ අර වැලයි මේ වැලයි තිබ්බා කියලා.