-17-

1.2K 224 206
                                    

"අඩේ ඒ...ඒ.. විජ්ජුලතා එනවා පැනපං පැනපං!!!"

"ලොකු හාමුදුරුවොත් ඉන්නවා යකෝ!! දුවහල්ලා වත්තට!!"

"ඔය තැඹිලි ගෙඩියත් උස්සපන් පකෝ"

"අනේ දැන් ඇති මට චූ බරයී හුත්තෝ!!"

දෙකට පලපු තැඹිලි ගෙඩිය හූර හූර මද කකා හිටිය මායි සිත්මිණයි බැම්මෙන් පල්ලට පනිනකොට වන්දිතයා ගහ පල්ලෙන් රූටලා ඇවිත් චමෝදයා එක්ක අපේ පස්සේ ආවා. අපිට ඉස්සරහින් මිලානුයි, සංඛයි සරම් දෙකත් උස්සන් හුළං කපාගෙන දුවනවා.

අද දහම් පාසලේ අන්තිම දවස. අන්තිම දවස කියලා නෑ අදත් අපි සුපුරුදු විදිහට වත්තට පැන්නා තැඹිලි කඩන්න. හැබැයි පුතේ නිකමටහරි හාමුදුරුවොන්ට මාට්ටු උනොත් පුකවල් හොයන්න වෙයි අපිට.

"අඩෝ කැළෑ පාරෙන් දාලා ආරාමේ පස්සට පැනගමු"

වන්දිතයා පත සියඹලා ගහ ගාවින් බ්‍රේක් කරනකොට අපි ඔක්කොම එතන නැවතුනා.

"මං පොත් ගෙනාවේ නෑ මම මෙහෙම්ම ගෙදර යනවා"

"කැරි වැඩ කරන්න එපා මිලාන්. කනවනම් එකට ගුටිකමු"

මම මිලානයගේ පිටට තෑං ගාලා දුන්නා පාරක්. මේකා ඔහොම්මයි. මොකක්හරි කුප්ප වැඩක් කරලා මාට්ටු උන්නොත් ෂේප් එකට මාරු වෙන්න බලනවා.

"අඩෝ මේ මගේ සරම ඉරිලා කටු කම්බියේ වැදුන පාර"

පොල් කඩන බංඩා මාමාගේ පුතා වෙච්ච සංඛයා උගේ දෙකට දෙබෑ උන සරම අරන් උස්සලා පෙන්නුවා. ඒකටනම් සූස් ගෑවුනා. ගන්න දෙයක් නෑ සරම. කමක් නෑ ආයේ එන්නෙත් නෑනේ.

කොහොමහරි අති සූක්ෂම ලෙස මාත් වටපිට බලලා ඉන වටේට පටියක් වගේ ගැටගහන් හිටිය සරම ගලවලා කරේ දාගත්තා. මට සරම ගෙදරින් අන්දලා එව්වට වැඩක්නෑ මම කඩා ගන්නවා. ඉස්සරනම් අයියා හරි හිටියා ගලවගන්න පාරට අන්දගන්න. දැන් එයා එන්නෑනේ. ඒ නිසා දෙපාරක් හිතන්නෑ ගලවලා කරේ දාගන්නවා. යටට සුදු කලිසම අදින හින්දා හොදයි.

"කවුරුත් පේන්න නෑ බං. තව ටිකක් බලලා ෂේප් එකේ බෑග් ටික පන්න ගමු දැන් ගියොත් අතේ මාට්ටු"

සිත්මිණයා සියඹලා ගහට වාරු වෙලා හොරෙන් හොම්බ දාලා වටපිටාව ගැන විස්තර කරනකොට මම කරේ තිබ්බ සරමෙන් දාඩිය පිහාගත්තා.

SURYAWARNA | ONGOING Where stories live. Discover now