-19-

1.3K 230 245
                                    

"ඉගන ගන්න මිනිස්සුන්ට තමා ඉස්සරහට තැනක් තියෙන්නේ. දැන් ඒ කාලේ වගේ නෙවේනේ ප්‍රියා අක්කා. ගාමන්ට් එකට යන්නත් ඉංග්‍රීසී වලට s තියනවද අහනවා"

පව්!

"අපේ ඩැරන් දෙයියනේ කියලා පාඩම් කරනවා. එක්සෑම් එකටත් ඒ හැටි කාලයක් නැති එකේ කුරුළුටත් ටිකක් කියන්න පොඩ්ඩක් උනන්දුවෙන් වැඩ කරන්න කියලා. තාරක විතරනේ එහෙමත් වැඩක් කරන්නේ. අක්කලා ළමයි හුරතල් කරනවා වැඩී"

"ම්ම්.."

"දේවාලෙකට ගිහින් යන්තරයක්වත් දැම්මොත් මොකද?"

ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්-

"අවශ්‍ය නෑ.. චූටිට පුළුවන් තරමක් කරගයිනේ නංගි. එයාට ඔය උනන්දුවක් නැති එක විතරයි නැතුව අකුරු කියවන්න ලියන්න බැරි කමක් නෑ"

හොදෑඩේ!!! අයියෝ අම්මේ අර මැත්ස් වලට අනූ ගාණක් ගත්ත එකවත් කියන්නකෝ අප්පා. ඔයත් මගේ වැරැද්දක් මිසක් හොදක් කියන්නේම නෑනේ.

"ඔන්න ඕකනේ වැරැද්ද අක්කේ. මුල ඉදලම දෙකක් දීලා පොත අතට දුන්නානම් කුරුළු ඔච්චර දුර්වල වෙන්නෑනේ. ගහන්න අක්කේ ගහන්න!! ඔය පේරන්ට්ස් මීටින් වලදි මං දැකලා තියනවනේ ගුරුවරු කුරුළුට කියන දේවල්. ඔය කොල්ලා ඔය තරමට-"

"වහින්න වගේ නංගි. ඔයා දැන්ම යනවද?"

අපේ අම්මා ඔඩක්කුවේ තිබ්බ ලේන්සුව ගසලා සෝෆා එකෙන් නැගිට්ටා. මූණේ හැටියට නහුතෙටම තද වෙලා කියන්න පුළුවන්. මම තව ටිකක් නැමිලා කර්ට්න් එක අස්සේන් ඔලුව දලා තාත්තා දිහා බැලුවා. එයානම් කිසි දෙයක් ඇහෙන්නෑ වගේ පත්තරේ බලනවා.

"ලයනල් ගන්න එනවා කිව්වා අක්කේ. එයා චර්ච් එකට ගියා මංගල්ලේ නිසා"

"අහ්.. ඉන්නකෝ එහෙනම් මං තේ එකක් හදන් එන්නම්"

"සීනී අඩුවෙන් දාන්න අක්කේ"

අපේ අම්මා අඩිය හප්ප හප්ප එනවා දැක්කම මම ඉක්මනට රූම් එකට රිංගගත්තා. අද පෝය දවසක්. ඒ උනාට මට දැනෙන්නේ සුනාමි දවසක් වගේ.. මොකද කාලෙකින් අම්මගේ නංගි ගෙදරට ඇවිල්ලා. අපේ අම්මටයි පුංචිටයි ඔහොම පරස් පර වි‍රෝදී අදහස් තියෙන්නේ ඔය පුංචි වෙන සීයා කෙනෙක්ගේ දුවෙක් නිසා. මොකද අපේ අම්මාගේ පිටරට තාත්තා දාලා ගියාට පස්සේ ආච්චි දීග ගියපු දෙවනි කසාදේ දෝනී තමා ඔය. තව අපේ අම්මට ඉන්නවා ලොකු අයියලා දෙන්නෙකුයි අක්කා කෙනෙකුයි. එයාලාත් මායී අම්මයි වගේ රට පාටයි.

SURYAWARNA | ONGOING Where stories live. Discover now