-20-

13.9K 1.3K 389
                                        

"M.T Smith? අඩෝ අහලා පුරුදුයි වගේනේ"

වන්දා කලිසමේ සිප් එක දාගෙන සින්ක් එකෙන් අත් දෙක හෝදන්න ගියාම මාත් කලිසමට ෂර්ට් එක යට කරන ගමන් ඌ පස්සෙන් ඇදුනා. දෙයියනේ කියලා උදේ ඉදලා තිබ්බ බර සැහැල්ලු කරගත්තේ දැන්. ඒ උනාට පැය ගානක් සෙමිනා එකේ ඉදලා පුකේ පැත්තක් නෑ වගේ.

"ම්ම්.. ඒක තමා කිව්වේ. හොදට අහලා පුරුදුයි. කට අස්සට ඇවිත් ආපහු ගැස්සිලා යනවා"

"හැබැයි ඕක ගැන කමිදුවා දන්නවා ඇති. ඌ කාර්‍යාල සහයකගේ පුතානේ. ඌ ඉස්සරහා ගේට් එකේ ඉන්න සිකියුරිටිගේ ගෑණිගේ හොර මිනිහා ගැනත් දන්නවා"

මං හිනා වෙලා සින්ක් එකෙ අත සෝදලා කලිසමේම අත් දෙක පිහාගත්තා. මොනා උනත් ඒක ඇත්ත. කමිදුවා එහෙව් එකා. නොදන්න මගුලක් නෑ. ඒත්-

"බෑ බං මේක පිටට යන්න දෙන්න බෑ. මේක දැනගෙන ඉන්න ඕන උබයි මායී විතරයි"

මොකද කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් නම් ඉතින් කියන්න බැරි කමක් නෑ. ඒත් මෙතන සිටුවේෂන් එක වෙනස්. ගස් ගල් වල එල්ලෙන වැඩ. තාමත් මම කිසි දෙයක් හරියටම දන්නෑ. ඒ නිසා අයියටවත් නැති අමාරුවක් ගහලා මං නැට්ට පාගගෙන අල කරගන්න ඕන්නෑනේ.

"ඒකත් ඇත්ත කුරුළු"

"ම්ම්"

අපි වොෂෲම් එකෙන් එලියට බැහැලා පාර දිගේ ග්‍රවුන්ඩ් එක පැත්තට ආවා. මේ දවස් වල හරිම ග්‍රීස්මේ. අව්වයි කියන්නේ පට්ටම අව්වයි.

"දහම්සිළු avengersලගේ ඇසෙම්බ්ලී වීඩියේ එකක් එවලා තිබ්බා ගෲප් එකේ. අඩෝ ඒක පට්ට බං. මං ඒක උබලගේ අයියගේ එකට එවන්නම් බලපංකෝ"

"අඩෝ සිරාවටම!!!"

මාර්වල් මූවීස් කියන්නේ මගේ ලයිෆ් එකේ එක පැත්තක්. ඇබ්බැහි වෙලා කිව්වොත් හරි. අනික මං ගාව මාර්වල් ඇවෙන්ජර්ලාගේ කාඩ්ස්, පෝස්ටර්ස් එකතු කරපු ලොකු කලෙක්ෂන් එකක් තියනවා. ඒත් මගේ එකම හීනේ ටෝයීස් එකතු කරන එක. ඒක හිතන තරම් ලේසී නෑ. ඒවා පොඩි උනාට හෙන ගණන්.

"උගේ එඩිට්ස් මරු ඈ"

"තෝර්ගේ එව්වා තියනවනම් තියාගනින් හරිද? මං උබට මගේ පෙන් එක දෙන්නම් දාලා දීපං"

SURYAWARNA | COMPLETED ✔️Where stories live. Discover now