වෙලාව පාන්දර දෙකට විතර ඇති.. මම හිටියෙ හක්මන අකුරැස්ස පාරෙ.. තාමත් වටපිටාව අදුරුයි.. තැනින් තැන ඇහැට හුරු අඳුරු චායාවන් කීපයක් ඇරුනම වෙන කිසිම දෙයක් පරිසරයෙ තිබුණෙ නැ.. දවල් කාලෙදි කොලපාටින් පිරුණු ගස් දැන් අදුරු සෙවනැලි වෙලා... දවල් කාලෙදි තැන තැන නිදහසෙ ඉගිළුණු කුරුල්ලන් දැන් නැහැ.. දුම් වලාවන් පිට කරමින් පාර පුරා එහෙ මෙහෙ ගියපු වාහන දැන් නෑ..
මුළු ගමමටම තිබ්බෙ හිත නිවන තරමේ නිදහසක්.. වෙනදට වඩා හිත නිවන නිදහස් ගතියක් මට දැනුනා. සමහර විට ඒ උදේ පාන්දරම තියෙන නැවුම් ගතිය නිසාම වෙන්න ඇති...සීතල සුළං රැල්ලක් ඇගේ ගෑවි නොගෑවි යනකොට මන් කිරි අම්මා දිහා බැලුවා... කිරි අම්මා හිටියෙ මට ටිකක් ඈතින්.. එයාගෙ අතේ එයාටත් වඩා ලොකු බෑග් එකක් තිබුණා. ඒ මල්ල පුරාම කිරිඅම්මගෙත් මගෙත් රෙදි කඩමාලු ඇරුනම වටින කියන දේකට තිබ්බෙ අපේ වත්තෙ ඔප්පුවත් මගෙ අස්වීම් සහතිකෙත් උප්පැන්න සහතික දෙකත් තව ලියවිලි දෙක තුනක් විතරයි.. පාරේ පේන තෙක් මානෙක වාහනයක් තිබ්බෙ නෑ.. එකම එක වාහනයක් වත් ඒවි කියල හිතන්නත් බෑ... මේ වෙලාවෙ කොහොම මෙහෙන් යන්නද කියල මට හිතා ගන්නත් බෑ..
කිරි අම්මට මේ වෙලාවෙම යන්න ඕන උනානෙ....!!
'මොකෝ මෙහෙ ඉදන් කොළඹට පයින් යන්නද..?'
ගමේ ඉදන් කොළඹට කොච්චර දුරද කියල දන්නෙත් නෑ.. ගිහිල්ලත් නෑ.. මටවත් කිරි අම්මටවත් කොළඹ යන්න කියල හේතුවක් තිබ්බෙත් නෑ... මෙහෙම ගිහින් අපි දෙන්න මහ පාරක කන්න බොන්න නැතුව මැරිල යිද කියලත් මට හිතෙන්න ගත්තා... නිකන් ඒකත් මැවිලා මැවිල පේනවත් වගේ.. ඒ අස්සෙ මම පාරක් පාරක් ගානෙ හිඟා කනව වගේ පේනවත් වගේ... අනෙ හුකේ... ටහිකෙන සීන්නෙ මගෙ මොලේට එනෙත්.. ඒකත් මේ වෙලාවෙම...!!
අපි දෙන්න මංකොල්ල කාරයො දෙන්නෙක් වගේ පාරට වෙලා විනාඩි 20ක් විතර හිටියා.. මේ වෙලාවෙ පොලිසිය වගෙ ආව නම් අපි දෙන්නව කුදලන් යනවා ගෙවල් මංකොල්ල කන්න ආවා කියල...
හරි ශෝක්.. නාකි මංකොල්ල කාරියි.. හිච්චි මංකොල්ල කාරයයි...!!
එක විනාඩි පහක් එක තැනක ඉන්නෙ නැති මට දැන් නම් මේ විදිහට බලාගෙන ඉන්න එක එපා වෙලයි තිබ්බෙ... ආයෙම ගෙදර ගිහින් එලි උනාම එමු කියල දෙතුන් පාරක්ම මම කිරි අම්මට කිව්වට එයා නම් කනකටවත් ගත්තෙ නෑ.. කිරි අම්මගෙ හිතුවක්කාරකම නම් වයසත් එක්ක එන්න එන්නම වැඩි වෙනවද කොහෙද... පණ්ඩිත වැඩම කරන්නෙ.. හිතේ ඇති තාම කෙල්ල කියල..! කෙල්ල තමයි ඉතින්... මගේ කිරි කෑල්ලනේ...!!
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...