08 පරිච්චේදය

102 11 16
                                    

මම හිටියෙ කොළඹ ටවුම වටේම තියෙන කොන්ක්‍රීට් වනාන්තර වල ලස්සන බලන ගමන්.. ගමේ කොළපාටින් පිරුණු පරිසයක් එක්ක සීතල සුළං තිබුණට කොළඹට ඒ විදිහේ ලස්සන කොළපාටක් තිබ්බෙ නෑ.. අතරින් පතර ගහක් දෙකක් තිබ්බා උනාට කොළඹ හුළඟ පවා හරි උණුසුම්.. කොටුවෙ ඉදන් අපි ආවෙ  ගාලු පාරෙට..  ගාලු පාර දිගේ දිගටම යනකොට ලිබර්ටි ප්ලාසා කියල ලොකු  ගොඩ නැගිල්ලක් පහු උනා.. ඒක මොකක්ද කියල මම දැනගෙන හිටියෙ නෑ.. කිරි අම්ම නම් සමහර විට දන්නවත් ඇති... කිරි අම්ම නම් හැසිරුනේ කොළම ටිකක් හුරු කෙනෙක් වගේ.. සමහර විට එයා කලින් ඇවිල්ලත් ඇති... ඒකනෙ බය නැතුව මාවත් අරන් කොළඹටම එන්න තීරණේ කලේ...  මොනව උනත් මගෙත් ඉතින් ටිකක් විතර ලොකු කම.. ඒ නිසයි හිතේ තිබ්බ තරහ නිසයි මම කිරි අම්මගෙන් ඒ ගැන ඇහුවෙ නෑ... මට ඕන නෑ එයා එක්ක ආයෙම කතා කරන්න..!!

"පොඩ්ඩට මේ පැත්ත අලුත් වගෙ නේද...?"

ඉස්සරහ ශීට් එකේ ඉදන් මිසිස් බස්නායක කිරි අම්මගෙන් ඇහුවම කිරි අම්ම ඔව් කියන්න වගෙ ඔලුව වනනවා මන් දැක්කා...  අමුතු ජීවියෙක් වගෙ මම වීදුරුවෙන් එලිය බලන් හරි උනන්දුවෙන් යනකොට මිසිස් බස්නායකට එහෙම හිතෙන එකත් සාදරාණයි...

"එයාගෙ මෙ පලවෙනි වතාව..."

කිරි අම්ම ඒ විදිහට කිව්වම මිසිස් බස්නායක මන් දිහා බලල එයාගෙ අර ලස්සන හිනාවෙන් හිනා උනා.. ඒ වෙලාවෙ අපි හිටියෙ පාර්ක් එකක් වගෙ එකක් පහු කරන ගමන්..

"මේ විහාර මහාදේවි පාක් එක..."

මිසිස් බස්නායක පාර්ක් එක පැත්තට ඇගිල්ලක් දික් කරල පෙන්නුවෙ හරි සතුටින්.. මම දන්නෙ නැති තැන් මට පෙන්නල මිසිස් බස්නායක සතුටු උනා.. එයා මේ පොඩි වෙලාවට මගෙ ගයිඩ් වෙලා.. එතකොට මම තමයි එයාගෙ ෆොරිනර්....!!! 

මග දිගට පාර පුරාම වගේ තිබුණු විශේෂ තැන් ඔක්කොම වගෙ මිසිස් බස්නායක මට පෙන්නුවා.. එයා හරි සතුටකින් ඒ දේවල් කලේ.. එයාගෙ ඒ හැසිරීමට මන් උනත් ආස උනා.. එයා හරිම පාරෙන් නොයා කොළඹ වටේම යනවද මන්දා... එයා ඒ ගමනෙදි මන් අහල තිබ්බ ඒත් කවදාවත් ඇස් වලින් නොදැකපු ගොඩාක් තැන් පෙන්නුවා...  පාර දිගේ දිගටම එනකොට මන් කොළඹ ඉස්කෝලවල් ගොඩක් දැක්කා.. ඒවා මන් කලින් අහල තිබ්බ තරම්ම ලොකු මහ විසාල පාසල්..

අවර්ණ (BL Ongiong)Where stories live. Discover now