මුළු හවස් වරුවම මම කලේ රෙදි ටික අස් කරපු එක.. දෙයියනෙ කියල මගෙ කොන්දෙ පොටත් ගියා ඒවා අස් කරන්න ගිහිලා... හවස මිසිස් බස්නායක එහෙමත් නැත්නම් මගෙ අලුත් ආච්චම්මා ගියේ අපිට පුලුවන් කාලයක් මෙහෙ ඉන්න කියල උපදෙස් දීලා.. මගේ වගේම කිරි අම්මාවත් බලා ගන්න එක එයාලගෙ වගකීමලු.. ඇයි ද දන්නෙ නෑ ඒ තරම් ආදරයක්...?? ඒකටත් හරියන්න මගෙ කිරි කෑල්ල...! එයත් මොනවත්ම නොකියා හිටියෙ ඒ ඔක්කොම ඉහ මුදුනින්ම පිලි අරගෙන වගේ.. ආච්චම කියන ඒවට දොහොත් මුදුන් දීලා සාදුකාර දුන්නෙ නැති ටික විතරයි මෙයාලගෙ.. ඇත්තටම කිරි අම්මත් ආච්චම්මත් ඉන්දු නැන්දත් අතර තියෙන මේ සම්බන්දෙ නම් මට කොහොමවත්ම තේරුන්නෑ.. ඒක නිකන් විසඳන්න බැරි ප්‍රෙහෙලිකාවක් වගේ.. ඒ ප්‍රෙහෙලිකාවෙ කෑලි ටිකක් අඩුයි වගෙ කියලත් මට තේරුනා... මට ඒ ගැන දැනගන්න ලොකූ ඕන්නෑ කමක් තිබ්බා... ඒත් කීප සැරයක්ම ඇහුවත් කිරි අම්ම කිසි දෙයක් නොකියපු නිසා ඒක තේරුම් ගන්න මන් උත්සාහ කලෙත් නෑ... ඒක නිකන් මගෙ හොදට තියෙන මොලේ සමනල් ගැටයක් ගැහෙන වැඩක්..
හවස් වරුවෙම වගෙ මන් කලේ කාමරේ පොඩ්ඩක් මට ගැලපෙන විදිහට වෙනස් කරපු එක.. ඉන්දු නැන්දා කොහොමත් මට කාමරේ දෙනකොටත් හරිම පිරිසිදුවට තිබුණ නිසා මට අස් කරන්න මහා දේවල් තිබ්බෙ නෑ.. පොඩි පොඩි එහෙ මෙහෙ කිරිල්ලක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ... මන් කලේ කාමරේ තිබුණු ඇදයි පොඩි පාඩම් මේසෙයි මට කැමති තැන් වලින් තියා ගත්තු එක.. ඒකට නම් මට පූර්ණ අවසරේ එයාලා දීලා තිබුණා..
"අද ඉදන් මේක ඔයාගෙ කාමරේ.. "
ඉන්දු නැන්දා ඒ විදිහට කිව්වම මට සතුටු හිතුනා.. මට කියල අල්පෙනෙත්තක්වත් නැතුව හිටපු මට මේ විදිහට තාවකාලිකව කාමරයක් ලැබුන එකත් කොච්චර දෙයක්ද..? මන් කාමරේ තිබුනු පාඩම් මේසෙ ජනේලෙට කිට්ටු වෙන්න තියාගත්තා.. එලියෙන් එන සීතල හුළං එක්ක පාඩම් වැඩ කරන එක මට හරි පහසුවක් වෙවි කියල මන් හිතුවා.. ගමේ වගෙ නෙවෙයි මෙහෙ ටිකක් සද්දෙ වැඩියිත් වගේ.. ඊටත් වඩා මන් පුරුදු පරිසරයත් නෙවෙයිනෙ මේක.. ඉස්සර ගමේ ඉන්නකොට නම් පාඩම් කරන්න ඕන උනාම දොළේ උඩහ හරියෙ ගල් තලාව හරියට යන්න මන් පුරුදු වෙලා හිටියා.. ගල් තලාවෙ වාඩි වෙලා.. හීතල වතුර ගලාගෙන යන දොළ පාරට කකුල් දෙත් දාගෙන පාඩම් කරන්න පුරුදු වෙලා හිටියෙ... ඒ එක්කම එන සීතල හුළං පාරට පොතේ පිටු එහෙ මෙහෙ උනාම පොතටත් රවාගෙන මන් පාඩම් කරපු හැටි මතක් වෙනලා මට යන්තමින් හිනා ගියා.. ඊට පස්සෙ පාඩම් කරපුවා කිරි අම්ම රටා තියල අතුගාපු මිදුල පිරෙන්නම පොඩි කෝටු කෑල්ලකින් ලියල මිදුල විනාස කරන්නත් මන් ඉස්සර අමතක කලේ නෑ... ඒ කාලෙ සුන්දරයි කියල දැනුනෙ නැති උනාට ජීවිතෙ වෙනස් උන පලවෙනි තත්පරේම මට දැන් ඒ දේවල් හරි ලස්සනට පේන්න අරන්.. මට දොළ පාර නැතුව දැන් නම් සාංකාවත් වගේ.. ! දැන් ඉතින් මේ කොළඹ මන් කොහෙන් දොලවල් හොයන්නද.. ? මේවගෙ ඉන්න අය දොලක් ජීවිතේට දැකලවත් නැතුව ඇති...
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...