මන් ඉතිහාස පොත සෝෆා එකෙන්ම තියල දොර ගාවට ගියා... කිරි අම්ම බැරි බැරි ගාතෙ දොරත් ලොක් කරල කාමරේට ගිහින් තියෙන්නෙ... එයාටත් වෙලාවකට පිස්සු ගේට් එක ලොක් කරල තියෙද්දිත් මොන එහෙකටද දොරත් ලොක් කරන්නෙ.. තාම ඒ තරම් රෑ වෙලත් නැ.. වෙලාව නවය විතර වෙලා ඇති... කිරි අම්මට තියෙන අසීමාන්තික බය ගැන හිත හිත මන් දොර අරින්න ට්රයි කරා.. දොර තද වෙලාද මන්දා මට එකපාර ඇර ගන්න බැරි උනා.. ගේට් එක ගාවට ආපු එකා හෝ ගාලා හෝන් එක ගහනවා ගහනව ඉවරයක් නෑ.. මේ ල#බ ඇරෙන්නෙත් නෑ... මේවත් මහ හු#තෙ දොරවල් තමයි.. මම හද්ද අමාරුවෙන් ලොක් එක ඇරල දොරත් ඇරගෙන ගේට්ටුව ගාවට පිම්මෙ දිව්වා.. නිකන් හරියට සුසන්තිකා අක්ක මීටර් සීය දුවනව වගේ.. කොහෙද ඉතින් සුසන්තිකා අක්ක දුවන වේගෙන් නෙවෙයි ආලෝකේ වේගෙන් ගියත් වැඩක් නෑ... ගේට් එක එහාපැත්තෙ ඉන්න එකා නම් පිස්සු හැදිච්ච කුළු මීමෙක් වගේ හෝන් එක ගහනවා ඉවරයක් නෑ.. ඌ ඊයෙ එන්න තිබ්බ ගමනක් අද ඇවිල්ල වගෙ දගලන්නෙ... ගොං ල#බා....!!
'මොන පර# ද යකො හෝන් එක උඩ පුප තියන් ඉන්නෙ....?'
මම වෙනුරටයි ඌව ගෙනත් දාන්න එනව කිව්වා එකාටයි හිතෙන් අමතන ගමන් ගිහින් ගේට් එක ඇරියා.. ඉන්දු නැන්දා කලින් කියල ගියේ වෙනුර තනියම එන්නෑ එයා එක්ක ආච්චම්මා කවුරුම හරි එවාවි කියල.. ඒ නිසා ඒ එන කෙනාටත් එක්කම මමයි කිරි අම්මයි කෑම මේසෙ ලෑස්ති කලා.. අද මාමත් එන්නෙ නෑ කියල කිව්ව නිසා මේ ඇවිත් ඉන්නෙ වෙනුර කියල මට දෙපාරක් හිතන්න ඕන උනේ නෑ..
මම ගේට් එක ඇරපු තත්පරෙන් ආපු එකා උගෙ honet 160r එක කඟ වේනා වගේ ඇතුලට දැම්මෙ මගෙ ඇඟේ ගෑවි නොගෑවි වගේ... මුගෙ අප්පද දන්නැ ලයිසන් දුන්නෙ... ප#යා...!!'හුස්මක්වත් ගන්න උනෙ නෑනෙ දෙයියනේ.. මුන්ට පුදුම කුලප්පුවක්නෙ තියෙන්නෙ...'
ආපු වේගෙට මන් පපුවත් අල්ලන් දැන් මගෙ ඇඟ ලඟින් ගෑවෙන නොගෑවෙන තරමට ගිහින් නවත්තපු බයික් එක දිහා බැලුවා... බයික් එක නම් ඉතින් මගෙ හිත හෙල්ලුවා කිව්වොත් හරි... ඒත් ඉතින් ඒක උඩ හිටියෙ නම් ෆුල් හෙල්මට් දාපු ගොබිලයො දෙන්නෙක්.. බයික් එක පැදගෙන ආපු අස්ස කුලප්පුවක් තිබ්බ එකා නම් හයේ හතරෙ සයිස් එකෙක්.. හෙන කඳයා වගෙ හිටපු පොර නම් අඩි හය හතක් උස ඇති කියල නිකමට වගෙ හිතුනා.. ඊට පිටි පස්සෙ හිටියෙ නම් මගෙ වයසෙ වගෙ ඇච්චෙක්.. මුන් දෙන්නගෙන් වෙනුර කව්ද කියල මම කල්පනා කලා.. ඉන්දු නැන්දගෙ පුණ්ඩියා තඩි බඩගෙඩියක් තියෙන පුස් ඌරෙක් වගෙ මහත කොල්ලෙක් කියල හිතුවට ආපු දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ වගේ චොර පෙනුමක් තිබ්බෙ නෑ.. උන් දෙන්නම ගානට ෆිට්නස් තිබ්බ දෙන්නෙක්... මන් බයික් එක ලඟට ගිහින් තව ටිකක් වෙලා මේ ෆුල් ෆේස් දාපු මල හොල්මන් දෙක දිහා බලන් හිටියා.. ටික වෙලාවකින් පිටිපස්සෙ හිටපු ඇච්චා බයික් එකෙන් බැස්සා.. ඒ එක්කම හෙල්මට් එක ගලවල හෙන කඳයා වගෙ හිටපු කෙනාට දුන්නා..
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
عاطفية"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...