අපි මාතරට එනකොට පාන්දර පහ පහුවෙලා.. මාතර බස් ස්ටෑන්ඩ් එක මේ වෙනකොටත් මිනිස්සුන්ගෙන් ටික ටික පිරීගෙනයි එන්නෙ.. ගම වගේ නිදහස් නිස්කලංක බවක් නම් මම ටවුමෙන් දැක්කෙ නෑ.. කලබලෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සුන්ගෙන් මුළු ටවුමම පිරිලා.. ඒ අතර රස්සාවලට යන කිප දෙනෙක්.. උදේ පාන්දරම ඉස්කෝලෙ යන එක එක වයස්වල ලමයි කීප දෙනෙක් හිටියා.. ඒ හැමෝම දුර බැහැර පාසල් වලට යන ලමයි කීප දෙනෙක් කියල බැලූ බැල්මටම පේන්න තිබුණා.. උදේ පාන්දර නිසා වෙනදා වගෙ වාහන වල සද්ද බද්ද ඒ තරම්ම නැති උනත් ටවුම හරහා යන හුළඟත් කලබලෙන්ම වගෙ ගලාගෙන යනව වගේ කියලයි මට නම් හිතුනේ.. ටවුමෙ අහසෙ වලාකුළු පවා ගලා ගෙන ගියේ හරි හදිස්සියකින් වගෙ...
'කොළඹ මීටත් වඩා කලබලයක් ඇති...'
කිරි අම්මගෙ බල කිරිල්ලට ආවට මගෙ හිත දැන් කොළඹ ගමන ගැන අදිමදි කරනවත් වගෙ.. ආයෙම හැරිලා ගමේ යන්න කියල කිරි අම්මට කියල අන්තිමට මන් දෙතුන් පාරක්ම බැනුම් ඇහුවත් එක්ක.. මේක කරන්න බෑ දෙයියනේ මේ කිරි අම්ම ගහන බනින එකේ ඉවරයක් නෑනෙ.. මගෙ කිරි කෑල්ල හරි වසයි අප්පා...!!
කිරි අම්ම බැනල බැනල ඉවර වෙලා අන්තිම වතාවට අපි ගම් රට දාලා ආපු හේතුව මුල ඉදන්ම ආයෙම විස්තර කරලා කිව්වා... කිරි අම්මගෙ කියවිල්ල ඉවර උනාම මගෙ කටත් ටිකක් ඇද උනා... බුදු සන්තෝ මොනාද ඒ කිව්වෙ... කිරි අම්මා කියන විදිහට මගෙ මහප්පා කියන බේසිකයා මෙ පාර නම් ඇවිත් තියෙන්නෙ මාව බලෙන් හරි ඇදන් යන්නලු... යකො බලෙන් ඇදන් යන්න මන් රූප සුන්දරියක්ද.. මූට මාව පේන්නෙ ජනපද කල්‍යානිය වගේද...? මොන ල##ක්ද මේ...? මන් කොල්ලෙක් යකෝ...කොල්ලෙක්...!! ඒ පගයට මාව ගැනියෙක් වගෙ පේන්න උගෙ ඇහෙ හොටු ද..? නාකි බේසික්කිලියා...!! නාකි අවලමා...!!!
' ඔය මහප්පා කියන පගයා නොහිටින්න මට මේ මගුල් අස්සෙ ගාටන්න වෙන්නෙ නෑ.. ආව මෙත මාව ගෑනි කරගන්න.. හිතේ ඇති...! මහ හු#න අදහස්නෙ ඌට තිබිලා තියෙන්නෙ බේසිකයා...!!'
මම මහප්පට දෙස් තිය තිය මාතර කතරගම බස් එකට නැග්ගා.. අපෙ බෑග් එක්ක මේ ගමන හරි කරදරකාර ගමනක් වෙන එක නම් හොදටම විශ්වාසයි.. ඊටත් වඩා ගිහින් ඉන්න තැනක්වත් නැතුව ඉබාගාතෙ යන එක නම් ඒ තරම් හොද දෙයක් නෙවෙයි... මම සැරින් සැරේ කොළඹ ගිහින් නවතින තැනක් ගැන ඇහුවට කිරි අම්මත් නිශ්ෂබ්දව හිටියෙ එයාටත් හරි හැටි අදහසක් නැති නිසා වෙන්න ඇති..
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...