13 පරිච්චේදය

51 13 26
                                    

"සුදු මහත්තයා... මේ තේ එක ගිහින් දෙන්න..."

කිරි අම්ම ලොකු කෝප්පෙක සුදු කිරි එකක් හදල මගේ අත උඩ තිබ්බා.. යසයි යසයි...! දැන් මමද අර යෝදයට කිරි එක අදින්න ඕන... ඒකත් කකුල් දෙක ළගට... ?

"අනෙ කිරි අම්මෙ..."

"මේ.. මට කියල කොහු පාරක් කන්නෙ නැතුව ගිහින් දෙනව ඕක අර දරුවට..."

කිරි අම්ම මට රවල කිව්වම මම මූන දෙකක් කරගෙන කෝප්පෙත් අරන් වෙනුරගෙ කාමරේ පැත්තට යන්න ගත්ත.. ඇයි අප්පා උදේ පාන්දරම නැගිටල පොල් ගාලා ඔක්කොම කරල දුන්න මදිවට මට අර රාජ කුමාරයගෙ රාජධානියට තේ එකත් අරන් යන්න වෙලා.. මේ කිරි අම්මත් වෙලාවකට මල කෝලම් කරන්නෙ... මම දැන් මේ රාජ කුමාරයගෙ සර්වන්ට් ගෑනි වෙලා... මේ අස්සෙ ඉස්සර මනීශා නිතරම පත්තර කෑලි ගෙනත් පෙන්නන boys over flowers එකේ ඉන්න ජැන්දිගෙ වගෙ සර්වන්ට් ඇදුමක් ඇදන් ගුජුන්පියො වගෙ ඉන්න වෙනුර ගාවට කුක්කු පිටි එකත් උස්සන් යන මාව මටම මැවි මැවි පේන්න ගත්තා... ඈක්කා.. හරිම අසභ්‍යයි....! සුකුමාල ගමනෙන් පස්සත් වන වන අර කලුපාට ගවුම් කෑල්ලකුත් ඇදන් යන කොට කෝම තියේද...? ඊව්.. මට  මතක් වෙනකොටත් ටිකක් වමනෙටත් වගෙ... ඔහොම විපතක් නම් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා දෙයියනේ... මන් කල්පනා කලේ දුගී දුප්‍පත් මම ගැන...  හරි ඉතින් දුප්පත් මන් එක්ක බැලුවම වෙනුර කියන්නෙ සුර කුමාරයෙක් වගෙ තමයි.. එහෙමයි කියල මට ගැනු ඇදුම් නම් අදින්න බෑ... අනික මට වඩා සුර දූතයෙක් මෙහෙ ඉන්නෙ කොහෙද.. මම තමයි මගෙ කිරි අම්මගෙ සුර කුමාරයා..  ඒ නිසා වෙනුරට මගෙ තැන ගන්න දෙන්න බෑ..  ඒ නිසා වෙනුර සුර කුමාරයා නෙවෙයි පස්සට ඉර පායනකන්ම නිදි නිසා ඕකා නිදි කුමාරයා...!!

මම හොද ලමයෙක් වගේ වෙනුරගෙ කාමරේ ළඟට එයාගෙ උදේ කුක්කු පිටි එකත් අරගෙන ගියා.. මන් හෙමින් දොරට තට්ටුවක් දැම්මා...  හෙමින් කිව්වට ඒතරම්ම හෙමින් නෙවෙයි ඉතින්.. දන්නැද්ද... මට කොහෙන්ද ඉතින් සුකුමාල අතපය... තියෙන අතෙන් පුලුවන් විදිහට දොරට තට්ටුවක් දෙකක් දැම්මා... ඒත් ඒ තට්ටුව නම් වෙනුරට ඇහුන පාටක් නෑ..

"වෙනුර..."

මන් ආයෙ පාරක් කතා කලේ අපෙ නිදිකුමාරයා සිරි යහනෙන් නැගිටල මට දොර අරීවි කියල හිතාගෙන උනත් මන් කතා කරපු එක නම් මේ ඇටිකිච්චට ඇහුන පාටක් තිබ්බෙ නෑ.. මන් තව දෙතුන් පාරක් කතා කලත් ඇතුලෙන් කිසි සද්දයක් ඇහුනෙ නෑ.. මේකා නින්දෙන්ම මලාද කියල සැකයක් ආවත් වෙනුර වගෙ එකෙක් නම් මේ ආත්මෙට මැරෙන්නැ කියල මගෙ හිත කිව්වා... එකත් එක අතකට මට පේන්නෙ මේකාත් අර රෝමෙ ගිනි ගත්‍තු වෙලාවෙ වීනා ගහපු එකාගෙ ළඟ නෑයෙක්ද කොහෙද... ලෝකෙ පෙරලුනත් පොර දන්නැ...  අම්මපා මේ වෙලාවට තමයි මට මේ දොරටත් ගහල මේ ගෙනාපු පිටි එක මගේම ඔලුවෙ හලාගෙන මුගෙ කාමරේ ඉස්සරහ වැහි නැටුම නටන්න හිතෙන්නෙ.. එහෙම  නටල වැස්සකුත් වස්සල ආයෙම වහලෙ හිලකුත් හදල වෙනුරව නෑව්වොත් ඇරෙන්න නම් මේ යකා අද නැගිටිවි කියල නම් හිතා ගන්න බෑ... කොහෙද ඉතින් අපෙ කිරි කෑල්ලගෙත් හෙන සමයං නෙ තියෙන්නෙ.. එයාටත් ඕන උනානෙ උදේ පාන්දර වෙනුර පුතාට කුක්කු පිටි පොවන්න.. මගුල...!

You've reached the end of published parts.

⏰ Last updated: 3 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

අවර්ණ (BL Ongiong)Where stories live. Discover now