ඉස්කෝලෙ ඇරිලා පොත් ටිකත් අතට අරන් මනීශා එක්ක මන් ගෙදර එන්න ආවා.. අපිට කොහෙන්ද පොත් දාගෙන යන්න බෑග්.. තියෙන පොත් දෙක තුන නිකන් ඔගේ අත්දෙකට ගුලි කරගෙන පෑනක් පැන්සලක් සාක්කුවෙ ඔබාගෙන යනව ඇරෙන්න ඕව දමන් යන්න මල්ලක් ගන්න තරම් සල්ලියක් අපි ගාව තිබ්බෙ නෑ.. මනීශාට නම් එක එක විදිහේ විච්චූරණ තිබ්බත් මොකක්දෝ මන්දා හේතුවක් නිසා මට ඕවගෙ ආසාවක් තිබ්බෙත් නෑ..ඒ සමහර විට මන් කොල්ලෙක් නිසා වෙන්නත් ඇති...
කොල්ලන්‍ට ඔය කෝකත් එකයි..
"මෙහ්.. මන් අද මෙතනින් යනවා... උබ ඔහොමම දිගටම ගෙදර පලයන්..."
මනීශා දොල පාර පටන් ගන්න ගල් තලාවෙන් එහා අඩි පාරට හැරෙන ගමන් කපටි හිනාවක් දාලා කිව්වම මන් නලල රැලි කරන් ඒකි දිහා බැලුවෙ මොකක් හරි මන් නොදන්න හොර ගමනකට මේකි අර අදිනව කියල ඉවෙන් වගෙ තේරුන නිසා...
"උබ කොහෙද යන්නෙ...?"
"මස්සිනා ගෙදර ඇවිල්ලලු බන්... මන් ඒ දිහා ගිහින් ගෙදර යන්නම්... උබ පලයන්කො..."
"කෝ බලන්න මෙයාගෙ පැනි හිනාව... යකො කට කනේ මේකිගෙ..."
"අනෙ මෙහ්... උබ පලයන්කො දැන් වදයක් නොවී..."
" යසයි යසයි.. උබටත් එහෙනම් පස්සෙ ආපු කන ලොකු උනා නේ..."
මන් හිනා වෙලා මනීශා යන දිහා බලන් හිටියා.. ඒ පිස්සු මගුල ඒකිගෙ මස්සිනාට පන ඇරල.. ඒත් දන්න තරමින් ඒ ගෝතය නම් ඒ බවක් දන්නෑ.. ඌ නම් අංක එකේ පොල්පිති හරකෙක්.. නැත්නම් ඉතින් මේකිගෙ මේ පැනි හැලිල්ල නොපෙනි ඉන්න අන්ධයෙක් වෙන්න ඕන.. දන්න තරමින් පොර මේ දවස්වල ඉන්නෙ කොළඹ කියල මනීශා නම් කිව්වෙ.. කොළඹ කොහේදෝ මන්දා හොටෙල් එකක වැඩ කරනවලු.. ඔය ඇවිත් තියෙන්නෙ නිවාඩුවට.. මනීශා තකහනියක් දිව්වෙ කෙල්ල කාලෙකින් ඌව දැකල නැති නිසා.. පව්..! කෙල්ල ආස ඇති ලඟට වෙලා කියව කියව ඉන්න.. කාලෙකින් නෙ..
'මේ පාරවත් ඒකිගෙ හිතෙ තියෙන දේ ඒ කොල්ල දැන ගත්තොත් නම් හොදයි'
මන් දොල පාර පටන් ගන්න ගල්තලාව උඩට අඩිය තිබ්බෙ පරිස්සමෙන්..ගල් තලාවට පැත්තෙන් පොඩි පොකුණක් වගේ නොගැඹුරු වතුර රැදෙන තැනක් හැදිලා තිබ්බා.. ඒක නිකන් දොලෙන්ම හැදුණ පුංචි පොකුණක් වගේ... ඒ පොකුණ ඒ තරම් ගැඹුරක් නැති නිසා මේ හරිය නිතරම වගේ ගමේ ගෑනු ටිකයි කොල්ලො කුරුට්ටො ටිකයි ඇවිත් හිතේ හැටියට නා ගන්නවා.... ඒ නිසා ඒ හරියෙ ගල් තරාව නිතරම තිබ්බෙ තෙත් වෙලා.. ටිකක් විතර ලිස්සන ගතියකුත් නොතිබ්බම නෙවෙයි... ගල් තලාව හරියෙන් මන් යනකොට වෙලාව දවල් දෙකට විතර කිට්ටු වෙලා.. කිසි කෙනෙක් මේ වෙලාවෙ හිටපු නැති එක හිතට සහයක්... මේ ගිනි මද්දහනෙ නාන්න ගමේ උන්ට මොලේ අමාරුවක් නෑනෙ.. කොහිමින් හරි ගමේ ගෑනු නැති එකට මන් දෙයියන්ට පින් දෙන ගමන් තමයි එතනින් ගියේ... නැති නම් ඕකුන්ගෙ එක එක මගුල් බලන්න ආව කියල ගම පුරාම කට කතා කිව්වොත් මටයි කිරි අම්මටයි වෙන්නෙ මේ ගම ඇතෑරල දාල යන්න තමයි...
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...