12 පරිච්චේදය

62 10 10
                                    

"ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
දුක්බරම කවියක් ලියා
එහි පද පෙලක් අඩුවෙන් තියා
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා..."

වෙනුරට ආයෙම පාරක් මගෙන් ඒ සින්දුව අහන්න ඕන උනා.. කලින් පාර ඇහුනෙ අන්තිම ටික විතරයිලු.. ඉතින් එයාගෙ වදේ නිසාම මන් ආයෙම ඒ සින්දුව කියන්න ගත්තා.. බෑ බෑ කිව්වට මන් හිටියෙ සතුටින්..  වෙනුර ගිටාර් එක ගහනකොට මන් කලින්ටත් වඩා උනන්දුවෙන් සින්දුව ඇතුලෙ කිමිදිලා කියන්න ගත්තා.. ඇත්තම කිව්වොත් මන් මේ තරම් උනන්දුවෙන් සින්දුවක් කිව්වමයි... ඒකෙන් මට මාවම ඇතුලෙන් සැහැල්ලු වෙනව කියල දැනුනා.. ඊටත් වඩා හොදම දේ උනේ මේ සින්දුව නිසා වෙනුර මට ටිකක් විතර ළං උණු එක..

"ඔයාගෙ සිගින් නම් පිස්සුවක්...!  ඒයි... පොඩ්ඩක් ඉන්න මට අමතක උනානෙ ඔයාගෙ නම අහන්න... අපෙ අම්ම මට එදා නම කිව්වා..  ඒත්.. මේ මේ.. මට මතක නෑනෙ.. "

වෙනුර අන්තිමට මගෙ නම ඇහුවෙ ඒ විදිහට.. හරි ශෝක්..! පඬිය වගෙ ඇවිත් මන් එක්ක කියෙව්වට මූ මගේ නම දන්නෙත් නෑ... නම කොහෙ දැන ගන්නද මූ මට දුන්න අලි ලයින් එකේ හැටියට... පගයා...!

" මම..  මම  විහේන් දෙව්රම් මල්ලවාරච්චි"

මම මගෙ මුළු නමම කිව්වම  මෙන්න මේක මට අත දික් කරනවා..

"අහ්.- මම වෙනුර මෙත්සර මුදියන්සේ.."

කලින් කතා කලෙ නෑ වගෙ අපි දෙන්න අතට අත දුන්නා.. මූට නම් ට්‍රැක්ද කොහෙද..!

"ම්ම්... ඒක වැඩක් නෑ... දැන් කිව්ව සින්දුවෙ ඇතුලෙ කතාව දන්නවද...?"

වෙනුර ලොකු කතාවක් පටන් අරගන්න වගෙ පුටුවෙ හරිබරි ගැහිල වාඩි උනා..

"මම කතා කීපයක්ම අහල තියෙනවා.. ඒත් ඕවගෙ ඇත්‍ත නැත්ත මොනවද කියල නම් දන්නෙ නැ..."

"හරි ඔයා අහල තියෙන දේවල් කියන්නකො..."

"මෙහෙමයි... මම අහල තියෙනවා ඔය සින්දුව කසුන් කල්හාරට කරුණාරත්න අබේසේකර මහත්තයගෙ පුතා.. ඒ කියන්නෙ දිලීප අබේසේකර මහත්මයා ලිව්වෙ එයාගෙ පෞද්ගලික සිද්දියක් නිසා කියල.. ඒකෙන් ගොඩක් අයගෙ මතයක් තියෙනවා මේ සින්දුවෙ කියවෙන්නෙ කසුන් කල්හාර මහත්තයගෙ අම්ම උණු මාලනී බුලත්සිංහල මහත්මිය ගැන කිය උණු කතාවක් කියලත්.. සමහර ප්‍රේක්ෂකයො කසුන් කල්හාරගෙන් ඒ ගැන අහලත් තියෙනව කියල කියනවා... ඒත් සමහරු නම් කියනව කසුන් කල්හාර මේ කතාව ප්‍රතික්ෂේප කලා කියලත්.. කොහොමත් සින්දුවෙ ලිරික්ස් ටික හොදට කියවල බැලුවම කොටසක් ගලප ගන්න පුලුවන් උනාට කොටසක් ඔය තර්කෙට හරියන්නෑ කියලයි මට නම් හිතෙන්නෙ..."

අවර්ණ (BL Ongiong)Where stories live. Discover now