"වෙ..ද.. හාමිනේ..."
මැදි වයසෙ හොදට ඇද පැළඳ ගත්තු ගෑනු කෙනෙක් කිරි අම්මත් මමත් ඉන්න තැනට ඇවිත් කිරි අම්මට කතා කලා.. කිරි අම්මගෙ ඇස් ලොකු වෙනව මන් බලාගෙන හිටියා.. එයාගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා... නිකන් කාලෙක ඉදන් අදුරන කෙනෙක් දැක්කා වගේ.. ඒ එක්කම වගෙ ඒ හිනාව මැකිලා ගියා.. අදුරු වැහි වලාකුලකින් ඒ හිනාව හංග ගත්තා කිව්වොත් හරි...
" අ - මිසිස් බස්නායක..."
කිරි අම්ම කතා කලේ ටිකක් අදිමදි කරන ගමන් ද මන්දා.. එයාගෙ මූන තිබ්බෙ නම් ලොකු හොරයක් කරල අහු උන කෙනෙක් වගෙ.. හරියටම කිව්වොත් මන් පොඩි කාලෙ හොරෙන් කිරි අම්මගෙ සීනි බෝතලේ කාල අහු උනාමත් ඔය වගේම මූනක් පෙන්නල ශේප් වෙනවා.. මේ වෙලාවෙ කිරි අම්මගෙ මූනත් ඔය වගේම තමයි... කිසිම වෙනසක් නෑ..
'මෙයා මොනවද හොරාට කාලා තියෙන්නෙ.. ඒකත් මේ වගෙ කෙනෙක්ගෙන්...'
මන් කිරි අම්මගෙ දිහාත් කිරි අම්මට වඩා වයසින් පොඩ්ඩක් විතර වැඩියෙන් පෙනුන ගැනු කෙනා දිහත් බැලුවෙ සැකෙන්.. කිරි අම්මට තරම්ම සුදු හමක් නැති උනාට තළෙළු පැහැපත් හමක් ඒ කෙනාටත් තිබුණා.. බැලූ බැල්මෙන්ම තරමක වත් පොහොසත්කම් තියෙන සමාජෙ ඉහල පැලැන්තියෙ කෙනෙක් කියල පේන්නම තිබුණා.. කතා කරනකොට උස් පහත් වෙන කටහඬත් සුදුස් කෙස් ගහක් පේන තෙක් මානෙකවත් නැති කලර් කරපු කොන්ඩෙත් අත පය එහෙ මෙහෙ කරන විදිහෙනුත් ඒ කෙනා ලොකු පවුල් පසුබිමක් තියෙන කෙනෙක් කියල හොදටම මට තේරුම් ගියා.. ඒ වගේ කෙනෙක් කිරි අම්මව මේ තරම් හොදට අදුරන එක පුදුමයි.. මම ඉපදෙන්න කලින් කිරි අම්මට ගමේ යමක් කමක් තිබුණු පව්ලක් කියල මන් කීප තැනකදිම අහල තියෙනවා.. මගේ මූසලකමට ඒ ඔක්කොම නැතිවෙලා විනාස වෙලා ගියාට.. ඒත් මේ තරම් පෝසත් මිනිස්සු එක්ක ලඟ ආශ්‍රයක් තියෙන්න තරම් සමාජ මට්‍ටමක් කිරි අම්මට තිබුණ කියල නම් මට හිතා ගන්න අමාරුයි...
"මොකද අප්පෙ මේ කොළඹ පැත්තෙ.. නෑගමනක් යනවද..?"
කිරි අම්ම මිසිස් බස්නායක කියල කතා කරපු කෙනා ලොකු හිනාවක් එක්ක ඇහුවා.. බැලූ බැල්මට හරිම සුහදශීලී කෙනෙක් වගෙයි ඒ කෙනාව පෙනුනෙ නම්...
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Storie d'amore"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...