"එයාගෙ pressure නෝමල් pluse වලත් ප්රශ්නයක් නෑ.. නැන්දා පුතා කෑම එහෙම කාලද හිටියෙ...?"
"උදේ පාන්දරමනෙ ආවෙ දුවේ.. කොටුවට ඇවිත් යන්තම් හැලප ගෙඩියක් නම් කෑවා... ඒ ඇරෙන්න මුළු ගමනෙ පුරාවටම කොල්ලා වතුර පොදක්වත් බිව්වෙ නෑ.."
"නැන්දල පාන්දරින්මද එහෙන් ආවෙ..."
"පාන්දර දෙකට විතර..."
"ආ.. ඒක තමයි... ගමන් මහන්සියයි කෑමක් හරියට අරගෙනත් නැති නිසා වෙන්න ඇති ෆේන්ට් උනේ.... නැන්දා කලබල වෙන්න එපා.. අපි මෙහෙමම පොඩ්ඩක් ඉන්න දෙමු..."
මන් හෙමින් ඇස් ඇරල බැලුවා.. කිරි අම්ම , මිසිස් බස්නායක, මිසිස් ඉන්දු හැමෝම මන් වටේ එකතු වෙලා හිටියා.. කිරි අම්ම මගෙ ඔලුව හෙමින් ඒත් හරිම සනීප විදිහට අත ගානවා.. එයාගෙ මූන ටිකක් බය වෙලා.. එයා හිටියෙ කලබලෙන්.. අද දවස පුරාම එයාට කලබල වෙන්න නොසෑහෙන්න දේවල් උනා කියල මට ඒ වෙලාවෙ හිතුනා...
"සුදු මහත්තයා... විහේන්...!"
කිරි අම්ම වෙනදටත් වඩා ආදරෙන් කතා කලා වගෙ කියලයි මට හිතුනෙ.. ඒ එක්කම මිසිස් බස්නායකගෙත් මූනට සැනසීමක් ආවෙ මන් ඇස් දෙක ඇරල යන්තම් වටපිට බලන්න ගත්තු නිසා.. මන් හිටියෙ සෝෆා එකෙ දිගා වෙලා.. මගෙ ඇදුමෙ බට්න් දෙක තුනක් ඇරල තිබුණා.. ඒ ටිකට මට හොදටම දාඩිය දාලත් තිබුණා..
"කි.."
"ඔහොම ඇලවෙලා ඉන්න රත්තරනේ..."
මන් කතා කරන්න උත්සාහ කලත් කිරි අම්ම මට කතා කරන්න දුන්නෙනෑ.. මන් හෙමින් ඔලුව එහෙ මෙහෙ කරල ආයෙම ඇස් පියා ගත්තා.. මගෙ හිතට වගේම ඇඟටත් ලොකු මහන්සියක් දැනෙමින් තිබුණෙ.. උදේ තිබුණු උනන්දුව එහෙම්මම නැතිවෙලා ගිහින් වගේ.. හිතට කිසිම නිදහසක් තිබ්බෙ නෑ.. හැමදේම කලකිරිලා.. එපා වෙලා ගිහින් කියල මට දැනෙන්න අරන් තිබුණා.. අතරින් පතර මට මන් ගැන අකමැත්තක් දැනෙන්න අරන්.. හේතුවක් නැතුවම මට මාවම එපා වේගෙන එනව වගේ.. ඊටත් වඩා මට මන් වටේ වෙන දේවල් හොද දේවල් නෙවෙයි කියල හිතෙන්න අරන්.. මන් මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරපු කිරි අම්මත් මගෙන් ගොඩක් දේවල් හංගන්න අරන් කියල මගෙ හිත කියන්න පටන් අරන්.. කිරි අම්ම ගැන තිබුණ හොද හැඟීම් ඔක්කොම එක පාර දරුණු මූදු රළකට ගහගෙන ගිහින් වගේ... දරාගන්න බැරි තරම් හිස් හැඟීම් ගොඩකින් මන් පිරිලා ගිහින් කියල මටම දැනෙන්න අරන්..
මන් වටේ ගොඩාක් අය හිටියත් මට ඒ කිසිම කෙනෙක්ගෙන් ආලෝකයක් දැනුනෙම නැති තරම්.. දවසින් දවස ජීවිතේ අදුරෙන් අදුරටම යනව වගෙ මට දැනෙන්න අරන්.... ඇයි මගේ ජීවිතේ මේ තරම් අදුරු...? ඇයි මම මේ තරම් හිස්....??
YOU ARE READING
අවර්ණ (BL Ongiong)
Romance"සමහර මල් තියෙනව විහේන්.. ඒව පෙති දිගාරින්නෙ හඳ එලියට විතරයි.. හිරු එලිය මොන තරම් තිබුණත් එයාල කරන්නෙ ඒ සිනිදු මල් පෙති හකුළවගෙන හඳ එලිය වැටෙනකන්ම මඟ බලන් ඉන්න එක... ඉතින් මගෙ මැනික.. ඔයත් මට මලක්... හිරු එළිය මොන තරම් තිබ්බත් හඳ එලියට විතරක්ම පෙති...