සූකිරි පුළුන් 4

178 41 17
                                    

සූකිරි පුළුන් 4

දිගින් දිගටම අයේෂ් පෙන්මපු මුරන්ඩුකම් හින්දා කාලයක් ඉවසපු ප්‍රජාපතී මැඩම් ඔන්න ඒපාර අයේෂ් ට දැනෙන විදිහට බලපෑම් කරන්න පටන් ගත්තා. දවසෙ වැඩි හරියක් අයේෂ් ගෙවලා දැම්මෙ එයාගෙ සංගීත භාණ්ඩ ටික එක්ක. එහෙට මෙහෙට අස්ස කුලප්පුව හැදිලා වගේ යන්න එන්න බයිසිකලේ නැතුවම බැරි එකක් උනා. එකපාරටම ඒ දේවල් දෙකම අයේෂ් ට් නැතිවෙලා ගියාම අත් දෙකම එකපාර කඩලා දැම්මා වගේ එකක් උනේ...

එදා රෑ අයේෂ් ට නින්ද ගියෙත් නැති තරම්. පොඩි එකා වගේ කලිසම් කොටේ ගහගෙන ඇඳේ එහා පැත්තට මෙහා පැත්තට හැරුනා. ආයෙම නැගිටලා ගිටාර් ටික තියලා තිබ්බ තැන් ටික ගාවට ගිහින් ඒ දිහා බලන් හූල්ලනවා. කොට්ටයක් උස්සලා ඇඳට දමලා ගහනවා. අත් දෙකෙන්ම බොකුටු කොන්ඩෙ ගසලා දානවා. එක විකාරයයි. අයේෂ් ඇඳට පැනලා කකුල් දෙක බිත්තියට හිටවලා ඔලුවෙන් හිටගෙන තනියම කියවන්න පටන් ගත්තා..

" හරිනෙ හරිනෙ අයේෂ් ..උඹට දැන් ඕකනෙ කරගන්න ඕන උනේ. පන්තිය නතර කරගන්න ගිහින් බලපන් අන්තිමට වෙච්ච දේ....දැන් මොකක්ද කරන්නෙ...කල්පනා කරපන් අයේෂ්...හොඳට හිතපන්.. අම්මගෙ හැඟීම් අසරණ කරලා දුක හිතවන්න විදිහක් හිතපන්...නැත්නම් හැමදාම වෙන්නෙ මියුසික් අතෑරලා ඉන්න.."

ඔහොම හිතලා හිතලා මිනිහහෙ ඔලුවට හොඳ අදහසක් ආවා එකපාරටම. මෙන්න එහෙමම කකුල් දෙකත් ගස්සලා ඇඳට පැනලා කොට්ටයක් බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියෙ ඒ අදහස වැඩ කරයි කියන විශ්වාසෙට.

වෙනදට නමයට දහයට නැගිටලා අම්මා තාත්තා වැඩට යන වෙලේටවත් නැගිටින්නෙ නැති මිනිහා එදා පාන්දර හයහමාර වෙනකොට එලාම් එක තියලම නැගිට්ටා. වෙනදා නැති ප්‍රබෝධෙකින් නැගිටලා කාමරේ දොර ඇරගෙන කලිසම් කොටේ පිටින්ම පහලට බැහැලා කෑම කාමරේ පැත්තට ගියෙ අම්මයි තාත්තයි කෑම කන වෙලාව අල්ලලා. අම්මයි තාත්තයි එක්ක කතාවක් බහක් නැතුවම ඒ කිට්ටුවට ගියපු අයේෂ්  කුස්සියෙ හිටිය සොත්තිට මහ හයියෙන් බෙරිහන් දුන්නෙ සොත්තිට කියන මුවාවෙන් අම්මලට කියාගන්න ඕන දෙයක් කියාගන්න.

" සොත්ති....සොත්ති... මට අද ප්‍රෝටීන් ශේක් එක හදන්න එපා.... කන්නත් බෑ වගේ...ඉතුරු කෑම ටික බල්ලට දාලා භාජන ටික හෝදලා දාපන්"

සූකිරි පුළුන්Where stories live. Discover now