සූකිරි පුළුන් 12

235 50 32
                                    

සූකිරි පුළුන් 12 😋

කාමරේට වෙලා හඩ්ඩෙක් වගේ වෙච්ච දේවල් නොවුනා නම් කියලා අයේෂ් කල්පනා කරන වෙලාවේ, ඉස්පිරිතාලෙ ඇඳ උඩටවෙලා නිම්න කල්පනා ක්ලේ කිව්ව සමහර දෙවල් නොකිව්වනම් කියලා. අන්තිමට දෙන්නටම දෙන්නා ගැන හිතන්න ඒක හේතුවක් උනා.

තෙමුන නිසා වෙන්න ඇති අයේෂ් ට දැනුනෙ නාහෙට බර ගතියක්. බාගෙට තෙමෙන්න හොඳ නැති නිසා මිනිහා ගිහින් නාගෙන සැහැල්ලු කලිසමක් ඇඳගත්තා. වෙනදා නම් ඔලුව පිහ දදා කාමරේට මිනිහා එන්නෙ සින්දු කෑල්ලක් කිය කිය, එහෙම නැත්නම් උරුවන් බාන ගමන්. ඒත් එදා නම් මිනිහා හිටියෙ කවදාවත් නැති තරමෙ කල්පනා ලෝකෙක. අයේෂ් ට කවදාවත් ජීවිතේ එච්චර හිතන්න ප්‍රශ්න තිබ්බෙ නෑ. ප්‍රශ්න ඇතිවෙන්න සමාජෙ එක්ක ගැටෙන්න ඉඩක් අම්මා දුන්නෙත් නෑ. හැබැයි අයේෂ් දන්නවා එයාගෙන් නිම්නට උනේ ලොකු වැරැද්දක් කියන එක. මිනිහට ඉතින් කොහොම හරි ඕන උනේ ඒ වැරැද්ද හරි ගස්සගන්න. ඒත් ඉතින් යාලුවෙක් තරහා උනා නම් අතෑරලා දාන්න මිසක් ඒ යාලුවව ආයෙම යාලු කරගන්න මිනිහට කවදාවත් අම්මගෙන් උපදෙසක් ලැබිලා තිබ්බෙ නෑ. ඉතින් ඒ වෙලාවෙ නිම්නව යාලුකරගන්නෙ කොහොමද කියලා අදහසක් මිනිහට ආවෙම නෑ. අයේෂ් ඉතින් හිතන්නෙ හරි පොඩි පරාසයක් ඇතුලෙනෙ. අනික  එයා ගණුදෙනු කරන්නෙ හරි සිල්ලර දේවල් එක්ක. මිනිහට හිතුනෙ ඒ ගැන කාගෙන් හරි උපදෙසක් ගන්න.

උපදෙස් ගන්නවා කියලා ඉතින් කාගෙන් ගන්නද. අයේෂ් කලේ ෆෝන් එක අරගෙන එයාගෙ ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකට ගිය එක. කතා ලියන කියවන අය කතා ගැන, ඒවගේ විස්තර එහෙම දාගන්න ගෲප් එකකට අයේෂ් පෝස්ට් එකක් දාන්න හිතුවා. ඒත් මිනිහා ආයෙම ටිකක් ඒක ගැන හිතුවා..

" අර ලාමකයා දන්නවනෙ මගෙ එකවුන්ට් එකේ නම. බ්ලොක් කරලා තිබ්බට වෙනම එකක් නම් දැන් තියෙන්නෙ...කොහොම හරි දැක්කොත්?? අනොනිමස් පෝස්ට් එකක් විදිහට දානවා...ඔව් .ඒක තමයි හරි"

එයාම එයාගෙ හිත එක්ක තර්ක කරලා ඔන්න එයා කවුද කියන එක නිම්න දැක්කත් හොයාගන්න බැරිවෙන විදිහට මනුස්සයා පෝස්ට් එක දැම්මා.

" Help !
ඔයාලා කතාවල මේවගේ දේවල් කියවලා ඇතිනෙ..මට කියන්නකො අපි අතින් කෙනෙක්ට ටිකක් ලොකු වරදක් උනාම, කොහොමද අපි එයාව යාලු කරගන්නෙ? "

You've reached the end of published parts.

⏰ Last updated: 5 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

සූකිරි පුළුන්Where stories live. Discover now