සූකිරි පුළුන් 10 😋

407 62 13
                                    

සූකිරි පුළුන් 10 😋

අයේෂ් ගෙ රගපෑමට තමන් අහු වෙලා පිස්සෙක් වගේ එයාව විශ්වාස කරපු එකටයි, එයාට උදව් කරපු එකටයි නිම්නට දැනුනෙ හරි දුකක්. එච්චර වෙලා හොඳින් කතා කරපු නිම්න එතනින් එහාට නම් සාවදානව අයේෂ් ට උත්තර දෙන්න ගියෙ නෑ..

" සමහරවිට ප්‍රජාපතී මැඩම් මොකක් හරි ලොකු පවක් කරලා ඇති ඔහේ වගේ පුතෙක් ලබන්න... අම්මෙක් රවට්ටනවාකියන එක ඔයා ඔය හිතන් ඉන්න තරම් හරි ශෝක් ,මාර ආතල් එකක් කියලද මිස්ටර් අයේෂ් හිතන් ඉන්නෙ????ලැජ්ජා වෙනවා..තමුන් ගැන ලැජ්ජා වෙනවා.. මට බොරු කරපු එක පැත්තකට දාමුකො.. ඒත් අර අම්මා??? මට දුක මැඩම්ව රවට්ටන්න මිස්ටර් අයේෂ් මාවත් පාවිච්චි කරපු එකට..."

"කට වැඩී තමුසෙගෙ හරිද.... මං කියලා තියෙනවනෙ, මං ආසම නෑ කියලා එකට එක කියන් එන උන්ට"

" මිස්ටර් අයේෂ් කියන විදිහට ඉන්න ම කවුද මිස්ටර් අයේෂ් ගෙ?? මට එහෙම ඕනකමක් නෑ. හිතන්නෙපා ඔයාගෙ ඔය වචනවලට බයේ මං කටවහන් ඉඳී කියලා.මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න මට බෑ කොහොමත්..."

" ඒකියන්නෙ තමුසෙ අපේ අම්මට සේරම කියන්න යන්නෙ නේ...හරි මං බලාගන්නම් උඹ ගැන"

" හඃ... මං පාට් ටයිම් ජොබ් කර කරා මගෙ ඩිග්‍රි එක කරගන්න මාරම කට්ටක් කෑවෙ.. ඔයාට ඒ සේරම ඕනවටත් වඩා ලැබිලත් ඒ හැම එකම නැති නාස්ති කරගන්නවා... රත්තරන් හැන්දෙන් රන් කිරි කටගාපු මහත්තුරුන්ට කොහෙද ඉතින් මිනිස්සුන්ගෙ හැඟිඋම්වල දිගක් පලලක්... මිස්ටර් අයේෂ් ගෙ බොරුවට මාව පාවිච්චි කරපු එකට..මං කවදාවත් සමාවක් දෙන්නෙ නෑ.. ඒක හොඳට මතක තියාගන්නවා"

නිම්න එහෙම කියලා බෑග් එක අරන් යන්න හැදුවා.

" ඒ ඒ ඒ....අම්මෝ.. ඔහොම ඉන්නවා... පිස්සෙක්නෙ. පොඩි ජෝක් එකක් කලේ මිනිහො... බලන් යනකොට තමුසෙගෙ අහිංසක මූන විතරයිනෙ.. ඔහොම ඉන්නවා කලබල නොවී...මං විහිලුවක් කලේ ලමයො...කෝ මෙහෙ එනවා"

අයේෂ් එහෙම කියාගෙන නිම්න ගාවට පැනලා හිනා කටක් මවාගෙන නිම්නව ඇදලා පුටුවෙ වාඩිකෙරෙව්වා. අයේෂ් හරි ආදරෙන් නිම්නට කිට්ටුවෙලා පුටුව පිටිපස්සෙන් පාත්වෙලා නිම්නගෙ අත් දෙක අල්ලගත්තා..

සූකිරි පුළුන්Where stories live. Discover now