සූකිරි පුළුන් 13 😋
ඔන්න ඉතින් අයේෂ් ඉල්ලන් කන්න පුළුවන් බර පන්තියෙන්ම ඉල්ලන් කෑවනෙ ළමයි. එක අතකට මූට හොඳම වැඩේ නිම්නට කරපුවට. දැන් ඉතින් ඔන්න පිරිත් නූලත් බැඳලා නිම්නට ඔරව ඔරව මූ කට ඉස්සර කරගන් නැතුව හිතින් කල්පනා කලේ අරකට චැට් කලේ මොනවද කියලා. අයේෂ් එකින් එක මතක් කරනකොට ඌටම වස පල් එක. යාලුකරගන්න මහන්සි උනා කියන්නෙම චාටර්නෙ කොල්ලො ඉතින්... ඒ විතරක් ද, ලාවට ක්‍රශ් කියලත් මූ කිව්වා.
ඔන්න ඉතින් අයේෂ් වගේම ඔය ටික නිම්නටත් මතක් වුනා. අයේෂ් කරපුවට වචන දාහක් කියලා පලිගන්නවට වඩා පලිගන්න පුළුවන් කින්ඩි ලා හිනාවක් නිම්නගෙ මූනෙ සැරෙන් සැරේ එහෙට මෙහෙට ගියා. ඕක අයේෂුත් දැක්කා..
" මොකද තමුසෙ හිනාවෙන්නෙ සැරෙන් සැරේ... අන්ඩක් ලෙලි ගහන් ඇඳේ ලැගලා ඉන්න වෙල්ව්ත් අනික් මිනිස්සුන්ට හිනාවෙනවා.."
"ලෙලි ගහන් නෙමේනෙ මිස්ටර් අයේෂ් ...ලෙලි ගහලා.. ඒ විතරක් ද...මාව දැක්කෙ නෑ වගේ පැනලා ගියෙ...චී... අපරාදෙ මට පොලිසියට කියලා දවසකට හරි කූඩුවෙ දාන්න තිබ්බෙ. එතකොට වත් ඔය ගිනිපුක් ගාය අඩුවෙයිනෙ... "
" තෝ මාව බ්ලැක්මේල් කරනවද ඔය..ඈ යකෝ?"
" එහෙමම නෙමේ ඉතින් ..ඒත් ඉතින් බැරිත් නෑ.. මට තරහා ගියොත් මං යනවා පොලිසි"
" මුගෙ ආච්චිට හාල් ගරන්ඩ... "
" කොහෙන් හරි අහුලන් ඕවා කියෙව්වට...අඩුම ඔයා දන්නවද හාල් ගරනවා කියන එකේ තේරුමවත්?"
" හා...ල්...ගරනවා....මේ... අර පෙනේරෙට දාලා ගල් අයින් කරන එකනෙ නේ? මට මතකයි ශිෂ්‍යත්වෙට පාඩම් කළා හරිද?"
" පෙනේරේ??? එතකොට පිටි හලන්නෙ නෑබිලියෙන්ද?"
" නෑ තමුසෙගෙ කටට දාලා..අනෙ මේ කටවහනවා හරිද.. මගෙ එකවුන්ට් එක කියල දැන දැනම මාව බොරුවට කඩේ යවලා මෝඩ වැඩ කරවලා මදිවට තව හිනාවෙනවා... ලාමක ටිං ටිං"
" හෝව් හෝව් මේ.. ඒක මිස්ටර් අයේෂ් ගෙ කියලා දන්නවනම් මම කමෙන්ට් කරන්න තියා රිඇක්ට් එකක්වත් දාන්නෙ නෑ හරිද.."
" දන්නවනම්? ඇයි නොදන්නෙ.. මං ඉස්සර ඉඳන්ම ඕකනෙ පාවිච්චි කලේ. උඹව හම්බුනෙත් ඕකෙන්...උඹ එක්ක රන්ඩුවෙලා බ්ලොක් කලෙත් ඕකෙන්...ඉතින් මතක නැද්ද ?"
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...