සූකිරි පුළුන් 2

189 53 19
                                    

සූකිරි පුළුන් 2 😋

අයේෂ් ට හිතින් බැණ බැන ඔන්න ඉතින් නිම්න කොල්ලා පාර දිගේ ටික දුරක් ගියා. පාරෙ යන බයික් එකකට අත  දැම්මෙ පයින් යන්න කම්මැලි කමට. පික් මී දාගෙන යන්න තරම් මිනිහගෙ අතේ සල්ලි ගැවසුනෙත් නෑ. එක බයික් එකක් නතර කරන්න වගේ ඇවිල්ලා ස්ලෝව් කරගෙන,

" හෙල්මට් නෑනේ මල්ලි"

කියාගෙන ආව වේගෙන්ම නිම්නව පහු කරන් ගියා. කොහොමින් කොහොම හරි මනුස්සයට වාහනයක් නතර කලා. මැදි වයසක මනුස්සයෙක් ගෙ බයිසිකලේ නැගලා නිම්න මහ පාරට ආවෙ බස් එකක් ගන්න. බස් එකකට නැගලා බස් එකේ එන ගමනුත් කල්පනා කලේ ඇත්තටම මේ වෙන්න යන අලකලංචිය ගැන.

බස් එකෙන් බැහැලා නිම්නගෙ ගෙදරට ටික දුරක් පයින් යන්න ඕනේ. ඒ වෙනකොට තුන පහුවෙලා තිබ්බා. නිම්න වම් අත උස්සලා වෙලාව බලලා පාර පැනලා ලොකු නුග ගහක් යට නතර කරලා තිබ්බ සූකිරි පුළුන් කරත්තයක් ලග නතර උනා. සූකිරි පුළුන්? ඒවට තමා ඔයාලා කොට්න් කැන්ඩි කියලා කියන්නෙ.

" ආ සූකිරි පුළුන් මහත්තයා .....මට රෝසපාට එකක් ඕනේ.... "

නිම්න රුපියල් සීයක් දික් කරනගමන් කරත්තෙට එබුනා.

" ආ...මහත්තයා කිව්ව කමට, මං බැලුවා ඒත් කවුද මේ කියලා....මොකෝ අද පරක්කු?"

" කවුද කියලා බැලුවා..? හරිම අගෙයි. පුතාගෙ කටහඬ අඳුරගන්නත් බැරි මෙහෙම තාත්තලා"

ආහ්...ඒ නිම්නගෙ තාත්තා. තාත්තා රෝසපාට සූකිරි පුළුන් එකක් හදන ගමන් හිනාවක් දාලා නිම්නට උත්තර දුන්නා.

" කටහඬ අඳුරන්නෙ නැතුව නෙමේ ... ටයි පොල්ලක් නොදාපු අපිට මහත්තයා කිව්ව කමට සැකෙන් බැලුවෙ... ලොකුකමට සල්ලි දික් කරන්නෙ..ඕං ඕක දාගනින් පර්ස් එකට"

තාත්තා නිම්නට ඔරොප්පුවෙන් උත්තර දෙන ගමන් පොඩි හිනාවක් දාලා සූකිරි පුළුන් එක නිම්නට දික් කලා. නිම්න ඒක අරගත්තෙ සීයේ කොලේ බලේටම සල්ලි පෙට්ටියට දාලා. අරගත්ත සූකිරි පුළුන් එක වාෂ්ප වෙලා යන්න කලින් හරිම පෙරේතයෙක් වගේ ඒක කන්න පටන් ගත්ත නිම්න නුග ගහ යට බංකුවෙ වාඩිවෙලා තමයි තාත්තට උත්තර දුන්නෙ.

සූකිරි පුළුන්Where stories live. Discover now