සූකිරි පුළුන් 5 😋
ක්ලාස් කරන්න ගියපු නිම්නට වද දීලා වද දීලා පන්නගෙන, ඒපාර කෝල් කරලා නිම්නටම වරද පටවපු ලස්සන. නිම්නට ඉතින් හරිම විකාරයි අයේෂ් ගෙ මේ හැසිරීම...
"මාර වැඩක්නෙ.. ගෙදරට ගියාම මට පෝරියල් සෙට් කරලා...ආයෙ ක්ලාස් නොඑන ගානට වැඩකලා මදිවට දැන් මට කෝල් කරලා චෝදනා කරන ලස්සන...මාර මිනිස්සුනෙ. ඒක්කො මේ මිනිහට පිස්සුවත් හැදිලද මන්දා... විහිලුවට කිව්වට මොකද ඇත්තටම සයිකැට්රික් කෙනෙක් ගාවට යවන්න වටින්නෙ.. වයසට ගැලපෙන හැසිරීමක් නෙමේනේ කොහොමත් තියෙන්නෙ.. අනේ සමයන්. හිතන්න ඒවා නැතුවට හොඳා මේ සමයන් ...ඕන්නැ ඔන්නෑ. මැඩමුත් එපා කිව එකේ මම මොකටද මේ පාලම් ඇහිබැම්මා කිව්ව පලියට නටන්නෙ. මං යන්නෑ"
නිම්න තම්න්ටම කියාගෙන ෆෝන් එකත් පැත්තකින් තියලා නිදාගත්තා. නිම්න කල් තියා නිදාගත්තට මොකද අයේෂ් නිශාචරයෙක් ගානට රෑ වෙනකන් නිදාගන්නෙ නැති එකෙක්. මිනිහා ෆෝන් එක දිහා බලන් හිටියෙ කොයි වෙලේ හරි එයා දාපු මරිසියට අහුවෙලා නිම්නගෙන් කෝල් එකක් එයි කියලා. මොකද එයා අහලා තිබ්බා නිම්න කියන්නෙ මිනිස්සු ගැන සෑහෙන වදවෙන කොල්ලෙක් කියලා. ඒ උනාට ඒ පාරනම් අයේෂ් ගෙ කිසිම තුරුම්පුවක් වැඩ කලේ නෑ. උදේ ඉඳන් ගහන ගහන තුරුම්පුව මස්ත වෙලා යනකොට අයේෂ් ට යකා නැගලා හිටියෙ.කන එකත් බාගෙට කාලා නතර කරලා බාත් රූම් එකෙන් අත සබන් දාලා සෝදගෙන ආවේකොයිම වෙලේක හරි නිම්න කෝල් කරයි කියලා...සොරි පුතා..නිම්න අහු උනේ නෑ ඒකට.
" දැන් නම් සෙනසුරු උච්ච අඟහරු නීච වෙලාද මන්දා මට...කරන කිසි එකක් හරියන්නෙ නෑනෙ. මං හිතුවා එහෙම පොඩ්ඩක් කිව්වම මූට දුක හිතිලා ආයෙම කෝල් කරල මං එන්නම් කියයි කියලා... කෝල් තියා මුගෙන් මැසෙජ් එකක්වත් නෑනේ...රෙද්ද. ශිට්..මටත් මේ ලාමක ටිං ටිං ඉස්සරහ ඇඹරෙන්න උනානේ...මගුල"
රෑට රෑවෙනකන් තෙලිගු ෆිල්ම් එකක් බලලා එහෙමම ලැප් එකත් පැත්තකින් තියලා නිදාගන්න ලෑස්ති වෙනකොට දෙකත් පහුවෙලා. මනුස්සයට ඉතින් කොහොමත් තිබ්බෙ හරි නිදහස්, වගකීමක් නැත්තටම නැති ජීවිතයක්නෙ. නිම්නට ලාමක ටිං ටිං කිව්වට මොකද ගොඩක් වෙලාවට ලාමක වැඩ කලේම අයේෂ්. ලාමක වැඩ කලා විතරක් නෙමේ...මිනිහා හීනයක් දැක්කත් ඒකත් හරිම ලාමකයි. කැඳ බිව්වත් මොකක්ද කෙලින් කියන්නා වගේ... බිස්නස් එකක් ගැන මූලිකම දැනුමක් වත් නැති උනාට මොකද, මිනිහා දැක්ක හීනෙදි එයා තමයි සෝල් ලංකා එකේ ලොක්කා.
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...