සූකිරි පුළුන් 8 😋
එච්චර වටින බෑග් එකක් නිම්න කවදාවත් පාවිච්චි කරලා නෑ. අයේෂ්ගෙ දිහා නිම්න බැලුවෙම.හරි සවුත්තු විදිහට නෙ. එහෙම එකේ අයේෂ් ඒ වගේ තෑග්ගක් නිම්නට ගෙනල්ලා දීපු එකට නිම්නට හරි ලැජ්ජාවක් වගේ දැනුනා. ඒක.තේරුම් අරගෙන අයේෂුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න වගේ තව ටිකක් වැඩියෙන් රවලා පුටුවට වෙලා ඉඳගෙන උන්නා.
නිම්න දන්නවා ඉතින් ඕනම තරහක ඉන්න මනුස්සයෙක් පොඩ්ඩක් නිමන්න එක එක විදි. අයේෂ් දිහා බලාගෙන, අයේෂ් එයා දිහාත් බලාගෙන රව රව ඉන්නෙ කියලා පේනකොට නිම්න බෑග් එක අරගෙන සුවඳ බැලුවා. ඒ ගත්ත හුස්ම එකපාරටම එලියට දැම්මානම් අම්මපා ටෝනර්ඩෝ එකක් එනවා. ඒතරම් ඒ බෑග් එක නහයට ලං කරගෙන නිම්න ඉම්බා. ඕක දැක්කම ඉතින් පාලම් ඇහි බැම්මට මොනවගේ එකක් හිතෙන්න ඇද්ද..
" හම්මේ.... මූ ඒක ඉන්බෙ නිකන් ඒක දුන්නට මාව ඉඹිනවා වගේනේ... ඔය වෙලාවට තමා හිතෙන්නෙ බෑග් එක මම වෙලා නං බෑග් එක උනානම් කියලා... ඔය ලොකුකම පැත්තකට දාලා ලගට ඇවිල්ලා නාව ඉඹපන්කො බල්ලො... බෑග් එක ඉම්බට ඒකට දැනෙනවා කියලා ඈ මොකෝ... කමක් නෑ කමක් නෑ... මෙහෙම හම්බෙනකොට, කතා බහ කරනකොට...මං ගැන මොනවම හරි..පොඩි හරි විශේශයක් දැනෙන දවසක් එයිනෙ මූට..එදාට මම තෝව අල්ලගන්නම්...එතකන් ඔය බෑග් එක ඉඹ ඉඹා ඉඳපන්..."
ඔහොම හොතනකොට අයේෂ් ගෙ මූනෙ තිබ්බ අරියාදුව එහෙ මෙහෙ වෙලා ලාවට හිනාවක් යන්න වගේ ආවා. ඒත් ඉතින් අර පුතයා වගේම මේ පුතයගෙත් ලොකුකමනෙ. හිනාව කාගෙන ආයෙ පොඩ්ඩක් රැවුවා. නිම්න බෑග් එක පපුවට තියලා බදාගෙන අයේෂ් ගාවට කිට්ටු වුනා. අයේෂ් දන්නවනෙ ඉතින් දැන් එයාට ලොකුකම පෙන්නගන්න පුළුවන් කියලා..ලාවට රැව්වා නිම්නට. නිම්න එහෙමම එක අතකින් නිම්නගෙ කන අල්ලගෙන අයේෂ් ට සොරි කියලා කිවෙ වචන පාවිච්චි නොකර.
" මට මොකක්ද වගෙේ මේක අරගන්න මිස්ටර් අයේෂ් .. මං හැමවෙලේම ඔයා දිහා බැලුවෙ නරක විදිහට නෙ.. කොයි වෙලේද මට මොකක්ද පෙරලන බාල්දිය කියලා.. ඒකයි මං එහෙම හැසිරුනේ. හිතලා කලෙ නෑ..."
" ඔව්ව් ඔව් හැම එකාටම ඉතින් මං වැරදිකාරයෙක් තමා.... බැලුවෙ නෙමේ..ඉස්සරහට ත් එහෙමම බලපන්..මට කමක් නෑ.. අනික මං ඕක අරගත්තෙ නිකන් මේ තමුසෙගෙන් ලකුණු දාගන්න එහෙම නෙමේ හරිද.. මනුස්සකමට. නැත්නම් ඔය හම්පඩ කැත පරන බෑග් එක එල්ලන් හෙට අපේ ඔෆිස් එකට ගිහින් ඔෆිස් එකම කැත කරයි... නැතුව වෙන මොකුත් එහෙම නෑ හරිද?"
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...