සූකිරි පුළුන් 7 😋
ඔන්න ඉතින් දැන් අර බෑග් එක උස්සන් දුවපු සීන් එකෙන් පස්සෙ දෙන්නා ටිකක් කතාබහට වැටුනනනෙ. තුවාලවලට බේත් දාන්නයි, ලේන්සු ගැටගහන්නයි හරි හරි වැඩ. ඊටත් පස්සෙ ඉතින් දෙන්නගෙ හිත් දෙකේ දෙන්නට නොකියන ගෝරනාඩු.
නිම්න හිතින් බනින්නෙ කීයක්වත් දෙන්නෙ නෑ බස් එකේ යන්න කියලා..අයේෂ් හිතින් නිම්නට බනින්නෙ තියෙන ලොකුකමට කීයක්වත් ඉල්ලන්නෙ නෑ කියලා. දෙන්නට දෙන්නා දෙවනි උන්නෑ. ඔය අතරෙ තමා නිම්නට ඔෆිස් එක ගාවට යන්න පුළුවන් බස් එකක් ගියෙ. ඕක ඉතින් අයේෂ් නොදන්නවා නෙමේනෙ. ඔන්න නිම්නගෙන් ඇහුව් මේ වගේ කතාවක්.
" ආහ්..අර බස් එකක් යන්නෙ..පරක්කු වෙන් නැද්ද ...යනවකො...මාව දාලා යන්න දුකයි වගේද නොයා ඉන්නෙ?"
" අනේ මේ මිස්ටර් අයේෂ් ..දාලා යන්න දුක වෙන්න ඔයා මගෙ කවුරුත් නෙමේනෙ.... මගෙ බෑග් එක නැතිවෙලා නං මේ අවුලෙන් ඉන්නවා... මිස්ටර් අයේෂ් ට හැම එකම විහිලුනෙ"
" දැන් ඉතින් මං අඬන්න ඕනෙද? "
" අඬන්න නම් ඔනෙ නෑ... ඒ උනාට මනුස්සයෙක් උනහම අනික් මනුස්සයෙක් ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නෙපැයි.. ඒකට හිත් කියවන්න පුළුවන් වෙන්න ඔනෙ නැනෙ. කොහොමත් ඉතින් සමහර මිනිස්සුන්ගෙ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑනෙ...මං කිවෙ මේ සමහරක්ගෙ"
" ඉතින් මනුස්සයෙක් හැබෑනම් ලොකුකම බල්ලට දාලා මොනවාහරි ඔඕනෙනම් ඉල්ලන්නෙපැයි... චාල්ස් කුමාරයා කියලද දන්නෑ හිතන් ඉන්නෙ...මං කිවෙ මේ පෙලක් මිනිස්සු...නේහ්?"
එතනත් මුන් දෙන්නගෙ රන්ඩුව. තම තමන්ගෙ වැඩවලට යන්න පරක්කු වෙනවා කියලවත් ගානක් නෑ. අයේෂ් ට නිම්නගෙ ගිත දිනාගන්න තිබ්බ හොඳම අවස්ථාව මිනිහා ලොකුකම දාලා කාගත්තා. කාගත්තා කියන්නෙ මේකයි. පාර හරහා යමින් ගමන නිම්නව දැකලා ලස්සන කිරි පාට කාර් එකක් නතර කරලා කලු පාට වීදුරුව පාත් කරලා නිම්නට කතා කලා.. වීදුරුව බාලා නිම්නට කතා කලේ නිම්නගෙ ඔෆිස් එකේම වැඩකරන සර් කෙනෙක්.
"නිම්න ඔෆිස් යනගමන් නේ...එනවද?"
අයේෂ් ට ඌත් එක්ක මල ඉතින්න්. තව ටිකක් මඩවලා මඩවලා සල්ලි දෙන්න හිටිය එක ඌ කාලා දැම්මනෙ. නිම්නට ඉතින් හරි සතුටුයි. අයේෂ් ගෙ ලොකුකම බලන්න ඕනෙ නෑනේ එතනින් එහාට. නිම්න ලාවට කින්ඩි හිනාවක් දාලා අයේෂ් දිහා බලලා කාර්එකේ උන්න කෙනාට උත්තර දුන්නා..
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...