සූකිරි පුළුන් 9

377 61 18
                                    

සූකිරි පුළුන් 9😋

බැල්කනි එකට වෙලා නිම්න මැඩම්ට කෝල් කරනකොට, දොරට මෙහා බිත්තියට මුවා වෙලා අයේෂ් පාට් ටයිම් ශර්ලොක් හෝම්ස් ක්‍රියාන්විතයේ.. අයේෂ් බලාගෙන හිටියෙ නිම්න කොයි වගේ උත්තරයක් දෙයිද කියලා. ඔන්න ඉතින් මැඩම් අහපු එකට නිම්න උත්තරයක් දුන්නා.

" අදනම් මිස්ටර් අයේෂ් පාඩම අහගත්තා මැඩම්..මට කිසිම ප්‍රශ්නයක් දැම්මෙ නෑ මේ වෙනකන්... මිස්ටර් අයේෂ් ගෙ ඉන්ග්ලිශ් එහෙම හොඳ නිසා තියරිය පොඩ්ඩක් සිංහලෙන් කිව්වම ගානට ඉන්ග්ලිශ්වලින් උත්තරයක් ගලපනවා..."

ඔය ටික ඇහෙනකොට ඔන්න ඉතින් අයේෂ් ට හිනා කටයි. මූ හිතින් දැන් නිම්නට හොඳ කිව්වා..

"අන්....නේ... උඹ මගෙ එකා බං.. තව හොඳ කියාන් මං ගැන අම්මිට. අද ආහම අම්මි මට බයික් එකේ යතුර දෙන ගානට හොඳ කියපන් කොල්ලෝ.....අනේ පස්වාන් දහසකට දිවැස් හෙලන්නාවූ...තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් මාගෙ කන්නලව්වට ඇහුම්කන්දී.. නිම්නයගෙ කටින් මට හොඳ කියවලා..මගෙ බයික් එක මට ආයෙ ලැබෙන විදිහට අපේ අම්මිගෙ හිත වෙනස් කරත්වා......"

ඔන්න නිම්නගෙ ඒ කතාවත් එක්ක ප්‍රජා මැඩම්ගෙන් හම්බුනේ මේ වගේ උත්තරයක්...

" ම්ම්ම්.... එහෙනම් කමක් නෑ නිම්න. එහෙම හරි ඔය ළමයා වැඩ ටික කරගන්නවනම් මට ඒ ඇති... දැන් ඉතින් බය නැතුව මට තීරණයක් ගන්න පුලුවන්නෙ"

ප්‍රජා මැඩම් තීරණයක් ගන්න පුළුවන් කියලා කිවෙ බයිසිකලේ යතුරයි ගිටාර් ටිකයි ආයෙම දෙන එක ගැන. ඒත් ඉතින් අවාසනාවට නිම්න දන්නෙ නෑනේ ඔය කිව්ව කතාවෙ අග මුල. නිම්නට හිතුනෙ මේ කියන්නෙ කම්පැනි එකට මිස්ටර් අයේෂ් ගාවගන්න එක ගැන කියලා. ඉතින් ඔන්න නිම්න ඒ ගැන ඔලුවෙ තියන් එයාගෙ අදහස කිව්වා..

" ඒත්...මැඩම් මට තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් අදහසක්... අපි තව පොඩ්ඩක් බලමු නේද.. එකපාරටම තීරණ ගන්නෙ නැතුව..තව දවස් කීපයක් අපි මිස්ටර් අයේෂ් ගෙ හැසිරීම ගැන බලමු"

ඔය ටික ඇහුනා විතරයි අයේෂ් ඔන්න පුපුරන්න පටන් ගත්තා.

"නෙද්...ද...කින් ඇට රඹුටන් වැල් කොහිල පඩත්තරයා.... තෝ කවුද යකෝ අපේ අම්මිට ඩිසිශන් ගන්න හැටි කියලා දෙන්න.. දැන් ඉතින් බයික් එක අද දෙන එකක් නෑ තොගෙ මූසල කට හින්දා...බලපන්..ඒකෙත් පාඩුව මටනෙ... රට බිබික්කම් වම්බටු ලොන්තයා...තෝව කනවා මට අහු උනොත් ...ශිට්..... නෑ නෑ නෑ... ඕකට මොනවහරි කරනවා කියන්නෙ අම්මිගෙන් බයික් එක ගන්නවා බොරු.. කමක් නෑ... බලාගන්නම්කො මම.... බූරු බිබික්කම් ලාමකයා"

සූකිරි පුළුන්Where stories live. Discover now