සූකිරී පුළුන් 16

351 61 19
                                    

සූකිරී පුළුන් 16 😋

නිම්නගෙයි අයේෂ්ගෙයි කතාබහට ගොඩක් වෙලා නිදහසේ ගලන් යන්න ඉඩක් ලැබුනෙ නෑ. නිම්නගෙ අම්මා සාලෙට ආවේ සායට උඩින් ඇඳගෙන උන්න චීත්තෙන් අත පිහදාන ගමන්. අයේෂ්ව දැක්කම අම්මට ලස්සන හිනාවක් ගියා..

"අනේ... මේ පුතා ගොඩක් වෙලාද ඇවිල්ලා..අපේ එකා කිව්වෙවත් නෑනේ"

ඔන්න ඒපාර නිම්න අම්මා දිහාට හැරිලා හරි ආදරණීය නෝක්කාඩුවක් දැම්මා..

" මේ පුතයි...අපේ එකයි නේ? හා හා..ඔහොම යන්කො අම්මේ ඈ. අක්කට පොත් දෙක තුනක් එව්ව ගමන් ඔයාට මේ පුතා ලොකු උනා නේ"

" ඕන් පටන් ගත්තා ආඩපාලි කියන්න..ඉරිසියාකාරයා..යස්ස පොත් දෙක... ඒටිකට  හය හත් දාහකට වැඩී කියලා කියනවා මං අහගෙන..අනේ මේ ළමයට වැඩි වැඩියෙන් ලැබෙන්ඩෝනේ..."

" අනේ ඕවා මොනවද ආන්ටී... අක්කා සතුටු වුනා නම් එච්චරයි.."

" අප්පේ...එයැයිගෙ කටේ තියෙන්නෙ මල්ලිගෙ යාලු මල්ලි කියලා අද උදේ ඉඳන්. පුතා කාලද ආවෙ ඉතින් ...මං ඉඳියාප්ප හැදුවා උදේට කන්ඩ පුතා එනවා කිව්ව හින්දම"

අම්මා අයේෂ්ගෙන් ඇහුව ප්‍රශ්නෙට නිම්න හරහට උත්තරයක් දුන්නා..

" මේ යන විදිහට ගෙනල්ලා කවයි වගේ මට පේන්නෙ.. හරිම විකාරයක් උනානේ මේක...එයා එන හින්දම හැදුවනම් කෑවා නොකෑවා මේසෙට තියන්නකො. ආහ්.... මතක ඇතුව ඔය පිඟන් එහෙම උණුවතුරෙන් සෝදලා ගන්න අම්මෙ ඈ.. මේ අපේ පැල්පත්වලට ආවට මෙයාලා කෝටිපති මන්දිරවල රත්තරන් පිඟන්වලකෑම කන අය...මේ මහත්තයා ඊයෙත් මගෙන් ඇහුවා ඇයි ඔයාලාගෙ අම්මා මට පුතේ පුතේ කියලා කතාකරන්නෙ තාත්තා වගේ මහත්තයා කියන් නැතුව කියලා"

ඕක ඉතින් නිම්න විහිලුවට කිව්වට අම්මා ටිකක් සීරියස් ගත්තා. ඇඳන් උන්න රෙද්දෙන් අත් දෙකම පිහදාගෙන හරි යටහත් පහත් විදිහට අම්මා අයේෂ්ට කතා කළා..

" අනේ එහෙම අහිතකට පුතා කිව්වා නෙවී මහත්තයා...අපේ එකාගෙ ඔෆීසියෙම කිව්ව නිසා කිව්වෙ"

නිම්නගෙ බොරු හින්දා අන්තිමට අම්මාට මූන දීගන්න බැරුව අසරණ උනේ අයේෂ්. ඔන්න ඉතින් අයේෂ් අම්මට ඒක පැහැදිලි කළා..

සූකිරි පුළුන්Where stories live. Discover now