සූකිරි පුළුන් 11

413 60 8
                                    

සූකිරි පුළුන් 11 😋

අයේෂ් කියන්නෙ අම්මගෙ නීති රීති මැද්දෙ තමන්ගෙ පොඩි කාලේ සම්පූර්ණයෙන් ම ගෙවලා දාපු කොල්ලෙක්. ඩිග්‍රි එක කරන්න රට ගිය කාලේ තමයි මිනිහා අම්ම්ගෙ නීතිරීතිවලින් එහාට ගියපු ලෝකයක් දැක්කෙ. ඒත් පොඩි කාලේ ඉඳම්ම ඒ අවනත වෙච්ච අවනතවීම තාමත් වෙනසක් නැතුව තිබ්බා. පහිවදාට එන්නෙපා එවලෙම එන්න කිව්ව වචනෙට අයේෂ් ට අවනත නොවී ඉන්න බැරි උනා.. අයේෂ් එහෙමම හොටෙල් එකෙන් චචෙකවුට් වෙලා එලියට ඇවිල්ලා ඒ කිට්ටුව තිබ්බ ටැක්සියක් අරගත්තා...

"කොහෙටද මහත්තයා යන්නෙ?"

"අපි යන්......අහ්...."

අයේෂ් ගෙවල් ගාව හන්දියයෙ නම කියන්න ගිහින් කට ලොක් කරගත්තා. අයේෂ් ට තේරුනා කිසිම දෙයක් නොවුන ගානට ගෙදර ගිහින් එයාට සැනසිල්ලෙ නිදාගන්නවත් වෙන්නෙ නෑ කියන එක.

" ඇයි මහත්තයා ...යන තැන දන්නැද්ද?"

" ආහ්.... අපි යන් කීනවල හොස්පිට්ල් එකට... දන්නවද ඒක?"

"කීනවල හොස්පිට්ල් එක....ආහ්..මං හිතන්නෙ වේයන්ගොඩ කිට්ටුව නේද?"

"අන්න හරි..කොච්චර වෙලාවක් යයිද?"

"කොහොමත් පැයකට වැඩිය යනවා...වැඩි මිසක් අඩු නෑ"

අයේෂ් එයාගෙ ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව දහයට කිට්ටු කරලා තිබ්බා. එහාට ගිහින් යනවා කියන්නෙ ගෙදර යන්න තවත් පරක්කු වෙන එක. එහෙම වෙනවා කියන්නෙ අම්මගෙ ප්‍රශ්න දාහකට විතර උත්තර දෙන්න වෙනවා කියන එක. අනික එහෙම යනවා කියන්නෙම අම්මගෙ වචනෙ දෙවනි තැනට දැම්මා කියන එක. අයේෂ් ට දැනුනෙ පොඩි නොසන්සුන් කමක්. අයේෂ් ඒ වෙලාවෙ ට ආව කෝල් එක ඒ නොසන්සුන් කම තවත් වැඩි කලා.

"කොහෙද ළමයො ඉන්නෙ..මොනවද ඔයා කරන්නෙ.. මෙච්චර රෑ වෙනකන් ඔයා මට නොකියා කොහෙද යන්නෙ?"

"අම්මි....මම එන්න තව වෙලා යනවා. මං වැරදි ගමනක් ගියෙ නෑ. මගෙ යාලුවෙක්ට කරදරයක්... මං එහෙ අවේ.. මට තව ටිකක් වෙලා යනවා ගෙදර එන්න"

" ඔයා තව පැයක් යන්න කලින් ගෙදර නාවොත්... මං අද ඔයාට දුන්න හැමදේම ආයෙම කලින් විදිහට ම ඔයාට නැති වෙයි අයේෂ් ...ඒනිසා ඔයා තීරණේ කරන්න ඔයාට ඕනේ යාලුවවද නැත්නම් ඒවද කියලා... යාලුවට උදව් කරන්න ඔන්නම්  සල්ලි කීයක් හරි යවන්න..ඔයා ඔතන උන්නා කියලා මොනවා කරන්නද?"

සූකිරි පුළුන්Where stories live. Discover now