සූකිරි පුළුන් 6

463 68 12
                                    

සූකිරි පුළුන් 6 😋

" සොරි ...මම අත ඇල්ලුවෙ එහෙම දේකට නෙමේ... ඔහොම බලන්නෙපා"

" එහෙම දේකට? කොහොම දේකටද...? මං මොකුත් කිවෙ නැනේ. අනික අත අල්ලපුහාම සොරි කියන්න තරම් තිගැස්මක් සාමාන්‍ය කොල්ලො දෙන්නෙක් අතර තියෙන්න බෑනේ"

" සාමාන්‍ය හැසිරීම් නෙමේනේ පෙලක් අයගෙ තියෙන්නෙ...මටඒ බලපු බැල්ම ඇල්ලුවෙ නෑ..."

" හරි ඇයි නතර කලේ?"

" මටයි කියලා තියෙන්නෙ මං මෙච්චර කල් පරිස්සම් කරගත්ත හොඳ නම විතරයි මිස්ටර් අයේෂ්... ඔයාගේ ඔය මොන්ටිසෝරි සෙල්ලම්වලට ඒක නාස්ති කරන්නෙපා. මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න ප්ලීස්ස්... සල්ලිකාර ඔයාලා වගේ අයට...දුප්පත් අපේ..."

නිම්නට ඒක සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ. අයේෂ් කඩාකප්පල්කාරී විදිහට මැදින් පැන්නා.

" මේ ..මේ..මේ....නවත්තගන්නවා ඔය පන්ති  පරතර කියවිල්ල...ඔය කැම්පස් එකේ හෙනම.දාර්ශනික ටෝක් මට දෙන්නෙපා....බෑ... මං කරන්නෙ මට ඕන එක. තමුසෙ මට ක්ලාස් කරන්න ගෙදර එන්න ඕනේ... නැත්නම් මං කරන ඒවාගෙ හරි වැරදි හොයන් මට කියවගෙන එන්නෙපා හරිද. තීරණේ තියෙන්නෙ තමුසෙගෙ අතේ"

" ඉතින් මට වද නොදී වෙන කෙනෙක් හොයාගනන්වකො....මේ....මං කිව්වෙ...හොයාගන්නකො මිස්ටර් අයේෂ් කියලා"

" බෑ...නාකි පප්පලා ආහම මට කරදරයි... උන් අම්මිට කම්ප්ලේන් කරනවා වැඩියි. අනික එකෙක් මට ටොකු ඇනගෙනත් ආවා..."

" ඉතින් බැරිවෙල හරි මං ආයෙ ආවත් මට මොනවාහරි කලොත් මමත් කම්ප්ලේන් කරනවා...මාත් කටවහන් ඉඳීකියලා හිතන්නෙපා හරිද"

" ආ...ඒක මම බලාගන්නම්කො... එකියන්නෙ එනවනෙ?"

" නෑ මං එහෙම කිවෙ නැනේ..."

" මේ මේ... කැමැත්ත අහන් පස්සෙන් ආවා වගේ ගනන් උස්සන්න තියාගන්නෙ නැතුව ඉරිදා ඇවිල්ලා ඉන්නවා...නැත්නම් මං නරක මිනිහා කියන්නෙපා හරී"

අයේෂ් අනික් පැත්තට උත්තරයක් අහන්න ඉන්නෙ නැතුවම ඒ ටික කියලා යන්න ගියා. හොඳින් කතාකරගන්නවා කියලා ආවත් අන්තිමට එතනත් නිම්නට සත්තමක් දාලානෙ ගියේ. මං දන්නවා ඔයාලා හිතන්නෙ නිම්නට ඒක එපා වෙන්න ඇති කියලානෙ. මිනිස්සු ගැන තීරණේ කරන්න එච්චර කල් වැඩියි. අයේෂ් ට යන්න ඇරලා නිම්න හිතුවෙ මෙහෙම දෙයක්.

සූකිරි පුළුන්Where stories live. Discover now