සූකිරි පුළුන් 3 😋
ඔන්න ඉතින් අහිංසක පාටට හිනාවෙන නිම්න සර් ට ඒ විදිහට නරක දේවල් කොලේ ලියලා තිබ්බම අයේෂ් ගෙ නංගිට අවුල් ගියානේ. ඒ කෙල්ල ඉතින් ඒක අම්මටත් හරි ඉක්මනට යැව්වෙ අයියා ගැන කේලමක් කියල අම්මගෙ හිත බිඳවන්න චාන්ස් එකක් ලැබුනොත් කීයටවත් ඒක මගාරින්නෙ නැති විදිහට. පහල ඉඳන් අයියා එන සද්දෙ ඇහිලා කෙල්ල එහෙම ම පල්ලෙහාට බහින්න පටන් ගත්තෙ නිම්න එක්ක වචනයක්වත් කතා නොකරමයි. මේ වෙච්ච කිසිම දෙයක් නොදැන නිම්න බැල්කනි එකට වෙලා ඔහේ බලන් හිටියෙ උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ මූඩ් එකකින්.
කෙල්ල වේගෙන් පඩිපෙල බැහැගෙන බැහැගෙන යනකොට උඩට නගින අයේෂ් ව මූනටම හම්බුනා.
" තමුසෙ මොකටද උඩට ගියෙ?"
"මං..මේ...මාකර් පෙන්...ආ ඔව්ව්..මාකර් පෙන් ඕනෙද අහන්න ගියෙ...ඔයා නැති හින්දා ආපහු ආවා"
" මොකද තමුසෙ ගොත ගහන්නෙ? ඇයි අරූ මොනවා හරි කිව්වද? ඇත්ත කියනවා...තමුසෙට නරක විදිහට බැල්ම දැම්මා නේ? මොනවහරි ඩබල් මීනින්ග් කියන්නත් ඇති...ඇත්ත කියනවා නංගි.. බයවෙන්නෙපා... මේ අයියා ඕන දේකට ඉන්නවා තමුසෙට. මූ නම් හරියන්නෑ..."
" අනේ මේ...ඒ සර් ඔයා වගේ නරක කොල්ලෙක් නෙමේ.පෙනුමෙන්ම ඒක තේරෙනවා. මං ඒ සර් එක්ක කතා කලේවත් නෑ. එයා බැල්කනි එකේ"
"ඒකට කමක් නෑ... මේ අහනවකො...තමුසෙට පුළුවන් ද අම්මට කියන්න ඌ මොනවා හරි නරක යෝජනාවක් කලා කියලා...අවුලක් නෑනෙ...හා ද? මං තමුසෙව ශොපින් එක්කන් යනවා...හා නේ?"
" ආ.....තමුසෙ හදන්නෙ ඒ මනුස්සයා පිට බොරු වැරදි දාලා එයාවත් නතර කරගන්න නේ...ඉන්නවා..මං මේ ටික මෙහෙමම අම්මට කියනවා"
" මොන කේලමියක්ද ඕයි තමුසෙ...කේලම්පාලි..තෝවනම් පොඩිකාලේ ලැයිමකින්ම තමා උස්සන් ඇවිල්ලා තියෙන්නෙ. කේලමී"
" එකෙක් ඉන්නකොට තව එකෙක් උස්සන් එන්නෙ ඉන්න එකා මෙලෝ වැඩකට නැති බූරුවෙක් උනහමනෙ. කමක් නෑ..තමුසෙට වඩා මම හොඳයිනෙ..."
" පල පල වැඩකාරී...කානුවෙන් ඇහිඳගත්ත එකිගෙ කටේ සැර. දෙන්නෙ චැසි බොල් වෙන්න තමුසෙට එකට එක කියන් එනවට"
YOU ARE READING
සූකිරි පුළුන්
Romanceනිම්න කියන්නෙ අහිංසක දුප්පත් උත්සහවන්ත කොල්ලෙක්... අයේෂ් කියන්නෙ සල්ලි කියන දේ අරුමයක් නොවුන නොලැබෙන හීනයක් හින්දා ජීවිතේ විඳවන කොල්ලෙක්... නිකන් නෙමේ..මුරන්ඩු කොල්ලෙක්... ඉතින් මේ අහිංසකයගෙයි මුරන්ඩු කොල්ලගෙයි හැසිරීම් හමුවීම් එක්ක දෙන්නගෙ කතාව කොහ...