මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"නිකන්..."
ඉස්සරහට තියන්න හිතාගෙන ඉන්න ශෝ එකට ඕන කරන පොට් එක ගැන කතා කරන්න ඕන නිසා ලියාත්රයි තෙහසුයි සිහස්ගෙ ගෙදරට ආවා...ටිකකින් නෙවානුත් ආවෙ කලින් පාරත් ග්රවුන්ඩ් එක සෙට් කරෙ උ නිසා මේ පාරත් නෙවාන්ට කියලම තැනක් හොයා ගන්න...
ලියාත්ර දෙවෙනි පාර ආවට මේක තමයි එයා වටෙපිටාව හරියට දකින වතාව...මොකද කලින් ආපු පාර ගරාජ් එකෙ තිබ්බ බයික් එක එයාගෙ මුලු අවදානෙම ගත්තා වෙද්දි ලියාත්රට හරියට කිසි දෙයක් ගැන ගානක් තිබුනෙ නෑ...
ඉතින් ගෙ ඇතුලට එද්දි වටෙ පිටාවෙ සවිකරලා තිබ්බ cctv තොගය නිසාම තෙහස් ඒ ගැන ප්රශ්න කරන්න ගත්තා...ඒත් සිහස් නිකන් කියලා උත්තර දීලා ගෙට වැදුනා...
"කලින් ග්රවුන්ඩ් එකම හොදයිනෙ මචන්...හොද සෙනගකුත් දාත හැකි..."
"ඒක නම් හොදයි...ඕක වික්රමරත්න ඇමතිගෙ දේපළක්ද? "
"අහ් නැ නැ...බය වෙන්නෙපා...මේක දේශපාලනේට පොඩ්ඩක්වත් සම්බන්ද නැ...කොටින්ම අම්මා අප්පා දේශපාලනය කරත් චන්දෙ දාන්න අකමැති එකෙක්ගෙ පෞද්ගලික දේපළක්...so, don't worry මචන්..."
"එහෙනම් කමක් නැ...ඒත් කවුද යකො ground එකක් maintain කරන්න තරම් එකෙක් ඉන්නෙ..."
"ඉන්නවා ඉන්නවා...උබලා දන්න එකෙ- "
"නෙවාන්...මෙ ටික ගනින්..."
ඉතින් තෙහස්ගෙයි නෙවාන්ගෙයි කතාව අතරින් සිහස් කතා කරා උනාම නෙවාන් නැගිටලා ගිහින් සිහස්ගෙ අතෙ තිබ්බ වයින් බෝතලෙ ගත්තා...ආවත් හරි තාමත් වචනයක්වත් කතා නොකරපු ලියාත්රටත් නිකන්ම එ පැත්ත බැලුනා...
"පිස්සු හැදිලද උබට..."
"මොකද? "
"මොකද කියන්නෙ...මෙ මහ දවල් මේවා දෙන්න පුලුවන්ද ? "
"ඇයි...දවල්ට පෙවෙන්නෙ නැද්ද ? "
"උබට නම් හොදටම පිස්සු සිහස්...මම උබව අල්ල ගන්නම්..."
ඉතින් සිහස් අතෙ තිබ්බ වයින් බෝතලෙ උදුරලා ගත්ත නෙවාන් සිහස්ට කැ ගහන්න උනා...ඉතින් තෙහසුයි ලියාත්රයි අහගෙන හිටියෙ නැ...හැබැයි ඇහුනා...එහෙම හිතමු...ඉතින් තෙහස්ටයි ලියාත්රටයි උනත් මෙතන උන දෙ තේරුනා කිව්වොත් හරි...මනුස්සයෙක් ගෙදරට ආවම තේකක් බිස්කට් එකක් දෙන සම්ප්රදායට හාත්පසින්ම වෙනස් සම්ප්රදායක් සිහස්ගෙ ගෙ ඇතුලෙ තිබ්බා කියන්න දෙන්නටම තෙරෙන්න ගියෙ විනාඩියයි...
YOU ARE READING
එයිට් | Eight
Não Ficção"යකො ලියාත්ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."