Chapter 15

69 14 2
                                    

                  මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.




"මොකක්ද උබ ඔය බලන්නෙ..."

"මේක ??? "

"ඕක දෙන්න..."

සිහස් එ සැනකින් ලියාත්‍ර ළගට ඇවිල්ලා ඒක එයා බලන්න කලින් ඇදලා ගත්තා...

"මං ඕක බලන්න ගියෙ නෑ...වැටුන පොත් ටික උඩින් තියන්න ගියේ..."

"මං දන්නවා..."

සිහස් එහෙම කිව්වට මොකද ඒක කිව්වෙම නෝන්ඩියට වගෙ වෙද්දි ලියත්‍රටනම් පොළව පලාගෙන යන්න හිතුනා...

"මොකද මෙ "

"ඇයි ? "

"ළගට එන්නෙපා..."

"අහ්??? "

"ඒයි...උබට මොකද වෙලා තියෙන්නෙ...අත ගන්නවා..."

"මොකක්? උබෙ ඔලුව කොහෙ හරි වැදුනද ? "

"තමුසෙටනෙ පිස්සු...එහාට යනවා..."

"මං ආවෙ රැක් එකෙන් ඇදුම ගන්න..."

"අහ් ??? "

සිහස් එහෙම කියල ලියාත්‍රගෙ පිටිපස්සෙ තියෙන රැක් එක ඇස් වලින් ඉගි කරලා පෙන්නුවා...පිට පිට දෙවෙනි පාරටත් චාටර් කෑවා...මොනවා කරන්නද ඔලුවෙ කැරකෙන මනස්ගාතත් එක්ක ජීවත් වෙන්න උනාම ඔහොම තමයි...

"අත ගන්න..."

"මොන ??? "

"මාව නවත්තන්න දික් කරපු අත..."

ආයෙත්...සිහස් රැක් එකට කිට්ටු වෙද්දි ඒක නවත්තන්න ඕන නිසා ලියාත්‍රගෙ අතක් සිහස්ගෙ පපුව උඩ...සිහස් හිටියෙ නාලා ඇවිල්ලා තෙත බේරෙන ඇග පිටින්...මුලු ඇගටම කියලා තිබ්බෙ ඉන වටේට ඇදල තියෙන ටවල් එක විතරමයි...

"ඔහ්...සොරි..."

ලියාත්‍ර එහෙම කියලා විදුලි වේගෙන් මනහරගෙ ඇගෙන් අත අයින් කරගත්තෙ...

"මම පල්ලෙහාට යනවා...උබ ලෑස්ති වෙලා වරෙන්..."

ලියාත්‍ර එහෙම කියලා පල්ලෙහට ගියා වගේම ටිකකින් මනහරත් ආවා...

"යන්..."

"කොහෙද ? "

"ඇයි තාත්තට බෙහෙත් ගන්න යන්න පරක්කු වෙන්නෙ නැද්ද ? "

එයිට් | Eight Where stories live. Discover now