Chapter 10

84 15 9
                                    

               මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.


"මොකක්ද පරයො උබ කියන්නෙ..."

"ඕයි ඕකව අතෑරපන් යාත්‍ර...මූ මැරෙයි...තෙහස් මූව අල්ල ගන්න වරෙන්..."

"ඕයි නවත්තපන් යකො...මෙහෙ වරෙන්...දැන් ඇති..."

"ආහ්...උබට එක පාරක් මම හොදින් කිව්වම තේරෙන්නෙ නැද්ද වේස පුතො...මම අද තෝව මරනවා දැනගනින්..."

"යාත්‍ර ඕකව අතෑරපන්...දැන් ඇති..හුත්තො කිව්වම නවත්තපන්...දෙනුවා මූව හම්බන් කරන්න බැ බන්...අරු මැරුනොත් ඔක්කොටම හිරෙ යන්න වෙනවා..."

"මැරෙන්න මම...මරපන් හුත්තො මරපන්...මට ඕනෙ එක මම කරන්නෙ...උබලට මම බය නෑ..."

"දේශාන් ඕක දැන් ඇති...උබත් කට වහපන්...උබලා දෙන්නම මැරෙන්නද හදන්නෙ..."

"සතාගෙ හැටි දැනගෙනනෙ ගේම ඉල්ලන්න ආවෙ...දැන් කාපුදෙන්...මුන්ව හම්බන් කරන්න බැ අපිට තෙහස්..."

නුගේගොඩ හන්දියම එක කලබලයක්...ඔක්කොම මිනිස්සු වට වෙලා බලාගෙන හිටියෙ මෙ රණ්ඩුව දිහා..දෙනුවන්ටයිත් තෙහස්ටයිවත් ලියාත්‍රව පාලනයක් නෑ...දේශානුත් ඊට දෙවෙනි නෑ...කොයි වෙලෙ හරි වැරදි පාරක් වැදිල එකෙක් හරි මැරිලා යයි කියන බයෙ දෙනුවයි තෙහයි උනත් මෙ වෙලෙ හිටියෙ...

"ඕක නවත්තනවා..."

මනහරගෙ කටහඩෙ සද්දෙ මුලු නුගේගොඩ හන්දියම වහ ගන්න ඇති...

ඉතින් එ තප්පරෙන්ම ලියාත්‍ර කට තුවාල වෙලා ගලන ලේ මහපට ඇගිල්ලෙන් පිහිදගන්න ගමන් වැදුන පාරවලුයි අනිත් කොල්ලට ගහපු මහන්සියටයිත් එක්කම වැනි වැනිම ඌව අල්ලන් හිටපු කොලර් එක අතෑරියෙ ඌව විසික් වෙලා ගිහින් නුගේගොඩ නෝලිමිට් එකෙ පඩිය ගාව වැටිලා යද්දි...

ලියාත්‍ර එ සැනකින් සීතල බැල්මක් එක්ක හැරිලා බැලුවෙ මනහර දිහා...රවාගෙනම එයා දිහා බලන් ඉදලා එයාගෙ උරහිසෙ වැදෙන ගමන්ම විකාරෙන් වගෙ ගිහින් ලියාත්‍ර බයික් එකට නැග්ගෙ...නැගලා බ්‍රේක් එක අල්ලගෙන එක තැන රේස් කරන්න ගත්තෙ ලග පාත හිටිය මිනිස්සුන්ගෙ මූනු දෙහි බෑය වගෙ වෙද්දි...බ්‍රේක් එක අතෑරපු සැනකින් යාත්‍ර ගියෙ හී තුඩක වේගෙන්...මුලු නුගේගොඩ හන්දියම එ වේගෙ ගාව ගල් ගැහිලා වගෙ බලන් හිටියා කිව්වොත්...

එයිට් | Eight Where stories live. Discover now