පිටිසරබද ගමක් සුන්දරත්වයෙන් අනූන උන, කෙත් වතු,ඇළ දොළ, ගංඟා ආදියෙන් පූර්ණ වුන මේ ග්‍රාමය සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක්. හුස්නස්ගිරි කන්දට යාබදව පිහිටා ඇති කදු පංතියකින් වට වුන *** ගම පව්ල් 25 කින් පමණ සෑදුන කුඩා දුෂ්කර ගමක්. දරිද්‍රතාවය, දුෂ්කර බව පිරුණත් එහි පරිසර අලංකාර බව නිසාම සැනසීම හොයාගන්න පුලුවන් ස්ථානයක්. මේ ගමේ මූලිකයා වුනේ කමල් බෝගල නම් තැනැත්තා, කපටි, දරුණු තැනැත්තෙක් වුන ඔහු මේ ගම පුරාම රැගෙන ගියේ වෙනම පාලන රටාවක්. ගමේ ඉන්න වැසියන්ට සිදු වූයේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ පාලන රටාවට නතු වීමටයි. නැතහොත් ඔවුන් නොදැනුවත්ව ගම් මුලාදෑනියාගේ මදාවි මිනිසුන් අතින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Action-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභිසෙස්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම්...