12

1.4K 133 45
                                        

තත්පර පැය කටු වේගයෙන් ගතවෙද්දි සුද්දයියාගෙ තුරුලේ හැදෙන මම. ඔව්  අභීන්ගෙ තුරුලේ හැදෙන එහෙම කීවොත් තමයි ඒක නිවැරදි. මොකද මාව සුද්දයියා බලාගන්නෙ හරියට අප්පච්චි කෙනෙක් වගේ.

"මගෙ අලුත් ස්කෝලේ."

ඉතින් අද මම සුද්දයියාගෙ සෙවනෙන් පොඩ්ඩක් මිදිලා තනියම ස්කෝලෙට ආවා. මගෙ පළවෙනි දවස. බොහොම අමාරුවෙන් එයාගෙන් තනියම එන්න කැමැත්ත ගත්තෙ, ඒත් නිකන් එව්වේ නෑ උපදෙස් කෝටියක් විතර දුන්නා මම ස්කෝලේ ගේට් එක ලගට එනකම්ම.

හ්ම්ම්ම්ම්හ්.........

ලොකු හුස්මක් අරන් ස්කූල් එකේ ලොකුම ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් එතන ඉන්න ශිෂ්‍ය නායකයන්‍ට බෑග් එක පෙන්නලා මම  ආවේ ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකට. සර් මාව බාර කරේ මගෙ පන්තිභාර මිස් චාමිට. එයා ලස්සන පොඩි ටීචර් කෙනෙක්. සුද්දයියාගෙ දගමල්ල ටීචර් එක්ක පන්තියට යන ගමන් තමයි මේ ඉන්නෙ. ටීචර් මගෙන් ප්‍රශ්න ඇහුවා මන් උත්තර දුන්නා.

"පුතා ඇයි පරක්කු වෙලා ස්කූල් එකට ආවේ."

"ගමෙන් කොළඹ එන්න උනා ටීචර් ඒකයි."

"ම්ම් හරි එහෙනම්. පුතා ඉන්නේ 12E එකේ යමුකෝ."

Grade 12 section බිල්ඩින් එකේ 12E class එකට ටීචර් එක්ක ගියත් මම දැක්කේ සින්දු කිය කියා පිස්සන් මෙන් ද‍ඟලන පන්තියේ පිටුපස පේළියේ ඉන්න ළමයි සෙට් එක වගේම ඉදිරිපෙළ පෝළින් වල ඉන්න මූණ පොතෙහි අලවා ගත් ළමයි සෙට් එක. අපි ආවා කියලවත් ගානක් නෑ.

"ගමේ නගරේ කියලා වෙනසක් නෑ ඉස්සරහ පෝලින් දෙකේ ඉන්නේ ලෝකේ අල්ලන්න හිතන් ඉන්න පොත් ගුල්ලෝ. අනේ සුද්දයියා........ඔයාගේ තාඹුට පිස්සු වගේ.

මම මටම මුමුනා ගද්දි, අපේ ටීචර් පන්තියට ඇහෙන්න කෑ ගැහුවා. මේ යක්කු ගැන ටීචර්ට හොද අත්දැකීම් තියනවා වගේ.

"මොකද තමුසෙලා බෙරිහන් දෙන්නේ. අනේ ඇත්තමයි මුන්ට මම...මොනවද දැන් තියෙන්නේ. කෝ පන්ති නායකයා.... අදීෂ තමුසේ ප්‍රිෆෙට් කෙනෙක් නේද තමුසෙත් නටන්න තියා ගත්තම හරිද?"

ටීචර් ගේ හඬට කට්ටිය නිස්ශබ්ද වෙද්දි මම දැක්කේ ටීචර් දිහා ඔලුව කසන ගමන් හොරෙන් බලන පිටිපස්සේ ඉදලා දෙවනි පෝලිමේ ඉන්න කඩවසම් කොල්ලෙක්. ඔලුව කහන්නෙ උකුණොද දන්නෑ. මටත් හිතෙන දේවල්.

තඹරු❤️‍🔥💖💖❤️‍🔥Where stories live. Discover now