"my අභි darling යැයි යැයි තමයි...මේකිටත් මගෙ මිනිහා ඇරෙන්න වෙන එකෙක් නෑ වගේ ඤයි ඤබි ඤාලින් යැයි යැයි...."
මාන්යා....ඕකි මාන කෙකි. මගෙ මිනිහාට බැල්ම දාගෙන අක්කා එක්ක කතාවක්. පව් මගෙ අහිංසක අක්කි බබා අකීල් අයියා මිෂන් එකකට ගිහින් නිසා මගෙ අක්කියා ගෙදර දුක් විදිනවා. නෑ නෑ වැඩ අතින් නෙවෙයි අර මාන කෙකිගෙ කටට අහු වෙලා. අක්කි පව්ව්ව්ව්ව්ව්.......මම මේ සැටි එකට වෙලා පොතක් කියවන මුවාවෙන් ඒකිගෙ කතාව අහන් හිටියෙ. පව් අක්කිගෙ මූණ නිකන් කලන්තෙ දාන්න වගේ. මම අද ඇදන් හිටියෙ දණහිස ලගට දිග බ්ලූ කලර් ඩෙනිම් ෂෝටකට බ්ලැක් කලර් ආම්ස්කට් ටී ෂර්ට් එකක් අදනම් මාන කෙකි මගෙ ඇදුමට මුකුත් කීවේ නෑ. කීවනම් අම්මපා ගම් බෝතලෙන් කෙලලා හරිනවා. 500 ml ලොකු ගම් බෝතලයක් ඒක.
"අභි ඩාර්ලින්...එන්න රෑ වෙයිද අක්කි. He must be so tired. එයා බිසිනෙ පව් නේද?"
ටකස්.....
මගෙ අතේ තිබ්බ පැන්සල දෙකට කැඩුනා. හිතේ කේන්තියටමයි ඒක උනෙත්. මේකි මගෙ මිනිහගෙ මහන්සිය නිවන්න වෙන්න ඇති. කොහොමහරි අක්කි පුදුමයෙන් බලද්දි මම එයාට හිනාවක් දීලා. ආයෙත් මගෙ වැඩේට අවදානය දුන්නා. අරකිව ගනන් ගන්න බවක් මම පෙන්නුවේ නෑ.
"අක්කි...listen...yesterday......"
ආයෙත් මාන කෙකි එයාගෙ විස්තර විචාරය පටන් ගත්තා. අම්මායි සුද්දයියායි ෂොපින් ගිහින් මොකද අපි හෙට ගමේ යනවා. අක්කි මාන්යාට ඒක කීවේ නෑ. සුද්දයියා අම්මලාට තෑගි ගේන්න ගිහින්. මේ සාසුවා හෙට ගමේ යනෝ.
"මාන්යා ඉන්න මම බොන්න මොනවාහරි ගේන්නම්."
"හරි අක්කි. Cool drink එකක් හොදයි. So hot...අනේ."
අක්කි හිනාවෙලා අරකිට බොන්න ඒවා ගේන්න යද්දි, මාන්යා කිට්ටු වුනේ මන් ගාවට.
"Hey you..."
මම ඇහෙන්නැ වගේ හිටියා,
"කතා කරන්න බෑද? Hey you bitch. මගෙ අභී ඩාර්.........අහ්......."
මාන්යාට වචන සම්පූර්ණ කරගන්න බැරිවුණා. ඒකිව ඇදලා අරන් සැටියට දාපු මම. ස්ටූල් එක උඩ තිබ්බ පළතුරු කපන පිහිය අරන් ඒකිගෙ බෙල්ලට තිබ්බා. ඒකි හිතුවෙ නෑ එහෙම දෙයක්. මේ පිහියෙන් බෙල්ලක් කැපෙන්නෑ. ඒත් බය කරවන්න පුලුවන්නෙ. ඒකි ඇස් ලොකු කරන් බයෙන් බලන් ඉද්දි මම ඒකිට කතා කලේ නපුරු හඬකින්.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Action-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභීන්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් ප...
