සුද්දයියා මාව ගෙදර දාලා ඔෆිස් එකට ගියාට පස්සෙ මගෙ කාලය ගත වුනේ ස්කූල් එකේ හෝම්වර්ක් කරන්න. ලේසි නෑ ඒ වැඩ අල්ලගන්න එක. මගෙ කලින් ස්කෝලේ මෙච්චර දේවල් කරලා තිබ්බෙ නෑ. කමක්නෑ මට පුලුවන්. ස්කෝලේ වැඩ කරලා ඉවර වෙලා අම්මයි අක්කියි එක්ක මාන්යාට හොද පාඩම් ටිකක් උගන්වන්න ප්ලෑන් ගහපු එක තමයි මම කෙරුවේ. ඔය ඔක්කොම ඉවර වෙලා ඇදේ දිගා වෙලා ෆෝන් එකෙන් whatsup video call එකක් ගත්තෙ මයෙ අම්මටයි තාත්තාටයි. එයාලා එක්ක කියව කියව ඉද්දි වෙලාව යනවා තේරෙන්නෑ අප්පා.
"ඉතින් අම්මා හෙට හවස ස්කෝලේ ඉන්න කීවම මම පුදුමත් වුනා."
"අර මොකෝ සාසුවා."
"ආ ඒ මෙහෙ තියන ප්රසංගෙකට පුරුදු කරන්නනෙ තාත්තා."
"ඒකත් එහෙමද? පරිස්සමෙන් පුතේ. කොල්ලො, කොයි ලොකු පුතා."
"සුද්දයියා මාව ගෙදරින් දාලා ආය ඔෆිස් ගියා. මම හිතන්නේ.......ආ....සුද්දයියා ඔයා ආවද?"
කාමරෙ දොර ඇරුණ සද්දෙට බලද්දි දැක්කෙ සුද්දයියා ආවා,
"ම්ම්"
සුද්දයියාගෙ බකුසු භාෂාවෙන් උත්තර දීලා මන් ලගට ඇවිත් මගෙ දෙතොලට පෙක් එකක් තිබ්බා එයා දැක්කෙ නෑ video call එක. මගෙ මූණ ස්ට්රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙද්දි එයා මගෙ කොණ්ඩෙ ටිකක් අවුස්සලා,
"තාඹු මහන්සි වොෂ් එකක් දාගෙන එන්නම් දගමල්ල."
ටවල් එකත් අරගෙන වොෂ් රූම් එකට ගියා. මට ඇත්තටම කට උත්තර නෑ. අම්මලත් දැක්කා. එක පාරක් මාන්යයි අක්කියි දැන් මයෙ අම්මයි තාත්තායි. මට මයි වෙන්නෙ.
"අහ්ම්...මේ අම්මා තාත්තා මම තියෙනවා හොදේ."
හිනාවෙවී බලන් ඉන්න අම්මලාට වචනයක් කියන්න ඉඩ තියන්නෙ නැතුව ඉක්මනින් ෆෝන් එක කට් කලේ මට ආව ලැජ්ජාවට. මට සැජ්ජයිනේ...ම්හ්ක්. සුද්දයියා වොෂ් රූම් එකේ ඉන්න නිසා මම එයාට තේ එකක් හදන්න ඕනේ. කිචන් එකට ගිහින් කෙට්ල් එක ගැහුවේ සුද්දයියාගෙ තේ එකට වතුර උණු කරන්න. මගෙ අතින් හදන ඉගුරු දාපු තේ එකට සුද්දයියා ගොඩක් කැමති. ඉක්මනින් තේ එකත් හදාගෙන කොෆි කේක් කෑල්ලකුත් අරන් ආවේ සුද්දයියා හොයන්. මන් එද්දි එයා වොෂ් දාගෙන ආවා විතරයි.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Action-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභීන්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් ප...
