හවස කඩේට යන්න බයිසිකලේ පාගන් ටික දුරයි එන්න උනේ වෙල් යාය ලග ඉදන් වැටිලා තියන අතුරු පාරෙන් මතුවුනේ කවිත් බේබියාගෙ යාලුවෙක්. කරුම පස්සෙන් එනවා කියන්නෙ මේවට තමයි. මූ අත්දෙක සාක්කුවේ දාන් හිනා වෙවී ඉන්නෙ ඌට බයවුණ පාර පපුවත් අල්ලන් බයිසකලේ වාවගත්ත මන් දිහා බලලා. මෝඩ මූසලයා. ඇයි මූ මතුවුනේ හොල්මනක් වගේනේ. තව ටිකෙන් මට හාට් ඇටෑක් එනවා. මෙයාගෙ අපත යාලුවෝ කොහෙද දන්නෑ.
"ආ..මලයා කොහෙද යන්නේ."
"ඔහොම බය කරනවද අයියේ. කෝ ඔහේගේ යා...ආහ්...."
.
.
.
එච්චරයි...., සහස්රට දැනුනේ කව්රුම හරි මූණට ලේන්සුවක් තද කරනවා විතරයි. ඔව්......ඒ වෙන මොනවත් නෙවෙයි ක්ලෝරොෆෝම්...සහස්රව පැහැරගන්නෙ කොහොමද කියලා හිත හිතා සූදානමින් හිටපු කවිත්ට දෛවයම ගෙනත් දුන්න තෑග්ග තමයි සහස්ර එදා හවස ගෙදරින් එලියට ආව එක. ඉතින් එයාලගෙ ප්ලෑන් එක ක්රියාත්මක කලා. එක යාලුවෙක් සහස්රගෙ අවධානය අරන් කවිත් සහස්රව සිහි නැති කරන එක. ඉතින් එච්චරයි එයාලා ඒ වැඩේ කලා.
"ඉක්මන් කරපන් සිහිය නැති වුනා. කව්රු හරි දකින්න කලින් කෙලින්ම අවුට් හවුස් එකට."
"හරි මෙහෙ මොකෙක්වත් නෑ. යමන් කවියා ඉක්මනින්."
සහස්රගෙ බයිසිකලේ පාරෙ පැත්තකට දාලා සහස්රව එයාලගෙ වාහනේට දාගෙන ඒ සෙට් එක ඉගිලුනේ අව්ට් හවුස් එකට. ඔන්න මේ අතරෙයි මුදලාලිගෙ ගෙදර ඉන්න අභීන්ගෙ හිතට දැනෙන්න වුනේ, හරිම අරුම පුදුම හැගීමක්. ඒ හැගීම නිකන්....,
"මොකද මේ වෙන්නේ, හුස්ම හිර කරනවා වගේ වගේ. ම්ම්....හාට් එකේ ප්රශ්නයක්ද?...ඒත් කොහොමද"
කාමරේ එහෙ මෙහෙ ඇවිදින ගමන් ඇදන් ඉන්න ටී ෂර්ට් කරෙන් ඇග ඇතුලට හුළං පිඹ පිඹා ඔට්ටු උනත් අභීන්ට අපහසුතාවය නම් මගාරවගන්න බැරිවුණා.
"Shit...ටිකක් එළියට ගිහින් ගමේ ඇවිදින්න ගියොත්...ම්ම්... එතකොට හරියයි...ඔව් එහෙම වෙයි. පිරිසිදු වාතය මෙහේ තියෙනවානෙ. දැන් හවස් වුනත් කමක් නෑ අභියා."
අභීන්ගෙ තත්වය එහෙම වෙද්දි සහස්ර එනකම් බලන් ඉන්න සිතාරාද පුදුම උනේ, වෙනදා හතර ගාතෙන් එන අමල් අද පියවි සිහියෙන් ගෙදර ආව නිසා. අමල්ව දැකීමම සිතාරාට ශක්තියක් වුනේ දරුවා ගැන හිතේ ඇතිවුන බය ප්රබල නිසා.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Боевик-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභීන්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් ප...
