අභීන්ගෙ වාහනයේ හඩත් සමග වික්රමබාහු නිවසේ සේවකයෙක් දුවගොස් දොර ඇරියේ අභීන්ට ඇතුලට පැමිනීමට. මෙම සිදුවීම එම නිවසේ නීතියක් වගේ. අභීන් නිවසේ ආලින්දයට එනවිටම ඉදිරියටම ආවේ අභීන් ගේ අම්මා.
"අම්මා..."
"අභි.. ආවද ඔයා."
"අම්මා මොකෝ මූණ අමුතු වෙලා. What happened."
"Nothing...මුකුත් නෑ...really nothing. ඔයා වොෂ් එකක් දාගන්න. දැන්ම කනවද?කෑම almost ready."
"අම්මා...tell me. මොකද උනේ."
"මාන්යා ඇවිත් අභි. අක්කා එක්ක කතාවක්."
"මොකක්."
"ඔව් ලොකුටත් එපා වෙලා ඇත්තේ. අනේ අභි පින්සිද්ධ වෙයි කෙල්ලෙක් හොයාගන්න බැරි නම් කොල්ලෙක් හරි හොයාගන්න ඉක්මනින්. ඒත් මේ කෙල්ලවනම් එපා."
"මොකක් කොල්ලෙක්. අම්මා joke එපා."
"මම joke කලේ නෑ. ඔයාට boys ලා ගැනත් feelings එන්න පුලුවන්නේ."
"oh c'mon අම්මා society එක මොනවා කියයිද ඔය කතාව ඇහුවොත්."
"අනේ මේ society එකට බම්බු ගහගන්න කියන්න. අන්න අර කෙල්ලව යවන්න අභි. මගෙ කන් දෙකට නිදහසක් ඕනේ.අක්කි ෆේන්ට් වෙන්න ලන් වෙලා ඇති."
"බිස්නස් නිසානේ අම්මා පොඩ්ඩක් ඉවසන්නකෝ. Business is my passion nah..you know it."
"yeh I know...ම්ම්, බිස්නස්..බිස්නස්..."
"හරි..හරි..කේන්ති ගන්න එපා sweetheart. මම වොෂ් එකක් දාගෙන ගිහින් බලන්නම්."
"හරි. මම ඩිනර් එක ලෑස්ති කරන්නම්."
"ම්ම්"
.
.
.
පැයක් පමණ ගතවන විට වොෂ් එකක් දාගත්ත අභීන් අක්කගෙ කාමරයට යන විට ඇය කට කතුර වගේ කියවන මාන්යා හට මැදිවෙලා .දොර ලග නැවතුන අභීන් නෙතු දෙස බලද්දි මූණ හට්ටිය කරගත් ඇය කණ්නාඩියෙන් පෙනෙන අභීන්ගෙ රුව දෙස රවා බැලුවා.
"ඉතින් අක්කා......බලන්න.....මෙයා.... එයාලා cheater ලනේ. ඒ dress ගොඩක් cheap අනේ..අපි වගේ high class අය cheap dress අදින්න හොද නෑ... අපි shopping කරද්දි ගොඩා........ක් careful වෙන්න ඕනේ අනේ.."
නෙතු ගේ තරහ පිරුණු මූණ දුටු අභීන් උගුර පාදමින් කාමරයට ඇතුල් වුනේ නෙතූව ගලවගන්න..ඒත්...,අභීන් දුටු මාන්යා ඔහුගේ අතේ එල්ලීමට තැත් කලත් අභිසෙස් ගේ එක් රැවුමක් ඇයව අඩි දෙකක් පස්සට යවන්නට සමත් වුනා.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Aksi-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභීන්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් ප...
