මගෙ ගෙදරට බැරි බැරි ගාතේ දුවන මට සිද්ද වුනේ කබලෙන් ලිපට වැටුනා වගේ කරදරයක්. ඒ ගමේ මුලෑදෑනියගෙ මෙහෙය වීමෙන් මගෙ පස්සෙන් එන ගමේ මිනිස්සුයි මුලෑදෑනියාගෙ මදාවි රැලටයි මැදිවෙලා පන බේරගන්න සිද්ද වුන එක. මොකක්ද දෙයියනේ මම කරන්නෙ. උඩ ඉන්න තිස්තුන් කෝටියෙන් එක්කෙනෙක්වත් මන් දිහා බලන්නෙ නැද්ද? පන ඩින්ගිත්තයි, ආත්ම ගරුත්වයයි, පිරිසිදු කමයි අසික්කිත රැලකට පූජා කරන්න බෑ දෙයියනේ...ගමේ තියන පුංචි විශ්ණු කෝවිල පෙනෙන මානයෙන් නතර වුනේ ශ්රී හරිගෙ පිහිටවත් මට ලැබෙයිනෙ කියලා හිතලා. මීට වඩානම් බෑ...අනේ මට බෑ. කෝවිල ලග ලොකු ගහක කද අල්ලන් හති ඇරියේ අවසාන ශ්රමයත් රැකගන්න උත්සහ කරලා.
"අනේ බෑ... තවත් නම් බෑ. මුන් මාව මැරුවත්....අනේ අම්මේ, තාත්තේ, අනේ සමාවෙයන්. තවත් නම් බෑ රැකගන්න මට මාවම"
හහ්...හහ්...හහ්...හා.
ඒ මූසල හිනා හඬ කණට ඇහෙද්දි, ඔලුව උස්සලා බලපු මම දැක්කෙ මගෙ පස්සෙන් පන්නපු හෙන්චයියො ටික එතනට ඇවිත් කියලා. මම ඉවරයි...මම ඉවරෙටම ඉවරයි.
.
.
.
මේ අතර මේ සිද්දිය දැක්කෙ කඩේ මුදලාලිගෙ නෝනා, පිස්සුවෙන් වගේ සහස්රව හොයන අමල් සිතාරා දෙන්නව හොයාගෙන ගිහින්,
"අමලෝ සිතාරෝ උඹලයේ කොල්ලා මුලෑදෑනියටයි ගම්මුන්ටයි මැදිවෙලා පරණ කෝවිල ළඟ."
"මොකක්....//"
"ඔව්...යමන්ලා. කොල්ලා අනතුරේ යමන් ඉක්මනින්."
"අනේ මයෙ කොල්ලා සිතාරො යමන්.."
"දෙයියනේ මයෙ කොල්ලා යමන්."
.
.
.
.
නරි රැලක් වට කරගත්ත ගොදුරක් වගේ අවස්ථාවාදි ගම්මු ටික මාව වට කර ගත්තා. මේ මගෙ උපන් ගමද, මෙහෙම මිනිස්සු එක්කද මම ජීවත් වුනේ.
"හහ්...හහ්...හහ්..හා..දුවලා ඉවරද අසමජ්ජාති වනචර කොල්ලා."
වනචර....මටද මේ මනුස්සයා වනචරයි කීවේ. දෙයියනේ මේ මනුස්සයාගෙ පුතයි මාව පැහැරගෙන විනාශ කරන්න හැදුවේ. උන් මන් ඉස්සරහින් හිටන් ඉද්දි තමයි ගහේ කදට පිට දීලා මන් හිටගත්තේ. මට කෙලින් ඉන්නවත් බෑ ඒ මගෙ ඇග මේ වෙද්දිත් දුර්වල වෙලා තියෙන නිසා.
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
حركة (أكشن)-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභීන්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම් ප...
