-යාලුවනේ mature concept වලදි 📌🛑 මම භාවිතා කරනවා. සැරෙන් සැරේ warning දෙන්නෑ. මේ marks මතක තියාගන්න.
-කව්රු හරි දෙයක් හිතනවා පෙන්නන්න (...) පාවිච්චි කරනවා යාලුවනේ.
-මෙහි දමන ෆොටෝ වල ඉන්න අයගේ පෞද්ගලිකත්වයට මෙම කතාව කිසි ලෙසකින් සම්බන්ධ නොවේ.
******************************************
***ගම්මානයේ තියන පුංචි කඩමණ්ඩියෙන් නවත්තපු කාර් එක දිහා කඩේ හිටපු කිහිප දෙනා බලන් හිටියේ පුදුමයෙන්. ඒ වගේම sunglasses දෙකකුත් දාන් කාර් එකෙන් බැහැපු කඩවසම් තරුණයා අභිසෙස් දිහා ඔක්කොටම වඩා කට්ටිය පුදුමයෙන් බලන් හිටියා.ඒ නිසාම කඩේට ඇවිත් පුටුවකින් වාඩිවුන අභිසෙස් ලගට පැමිණි මුදලාලි,
"මහත්තයා නගරෙන් වගේ"
"ම්ම් වැරදිත් නෑ, හරිත් නෑ මුදලාලි මාමේ.කන්න මොනවාද තියෙන්නේ."
ඉතාම ලස්සනට හිනා වෙමින් මෘදුව කතා කරන අභිසෙස්ව ඔහුගේ පවුලේ අය හා ඔෆිස් එකේ අය දැක්කානම් මෙම මොහොතේ සියල්ලන්ටම සිදු වන්නේ ක්ලාන්තේ දා ඇද වැටීමටයි.
"ඒ කීවේ මහත්තයා."
"මම පෙරේදා ලංකාවට ආවෙ. ඊයේ රෑ long drive එකක් ආවා. දන්නෙම නැතිව මෙහෙට ආවනේ. ඉතින් මාමා කීවේ නෑනේ මොනවද කන්න තියෙන්නෙ කියලා."
"පොල් රොටී එහෙම තියනවා මහත්තයා උණු උණුවේ."
"අන්න මරු කෑම පොල් රොටී කෑවෙ නෑ ගොඩක් කාලෙකින් {බොරු නෙවෙ කියන්නේ අම්මා මාස පහකින් විතර රොටි හැදුවෙ නෑ.} හොද ප්ලේන්ටි එකක් එක්ක. පොල් රොටි දෙන්න මාමේ. කට්ට සම්බෝලත් ඕනේ."
YOU ARE READING
තඹරු❤️🔥💖💖❤️🔥
Action-තඹරු.....මගේ පුංචි සුදු නෙළුම.. නෙළුම් පිපෙන්නෙත් මඩ ගොහොරුවේ මගේ තාඹු. ඒත් ඒ නෙළුමට බුදුන්ගේ පා මුල ලග වැටෙන්න පින තිබුනා. හරියට උඹ වගේ. උඹ පිපුනෙත් මඩ ගොහොරුවේ, ඒත් උඹ මැණිකක්.- "-අභිසෙස්-" -අහම්බෙන් මගේ ජීවිතය ට ඇවිල්ලා, මගේ ජීවිතය දිනෙව්ව උතුම්...