*ඔළුවෙන් එක වචන*

1 1 1
                                    

නෙකී...
ඔව්.. උබ මගෙ නෙකී...

මම පැලෙන්න ආදරේ කරාට ඒක නොදැනිච්ච මගෙ මෝඩයා.
මට පේන්නම වෙන එකෙක් එක්ක යාලු වෙලා
මාව රිද්ද රිද්ද
මාව නොමරා මරපු මගේ නෙකී.

කමක් නෑ බං.. මට පුළුවන් දරාගන්න.
කොහොමත් මං නපුරුයිනෙ.
උබ එන්න කලිනුත් නපුරුයි.
උබ ආවමත් නපුරුයි.
ඇයි උබ යද්දි විතරක් මං වෙනස් වෙන්නෝන.
නෑ.
මං තාම නපුරුයි.
මට පුළුවන් තව දරාගන්න.

බීලා බීලා කාලකන්නි උන මගේ ජීවීතේ පිළිවෙලක් කරේ උබ.
කලාවක් වෙලාවක් නැතුව එහේ මෙහේ ගිය ජීවීතේට තහංචි දාලා මේක පංසලක් කලේ උබ.

ඒ වෙනුවෙන් මට දෙන්න පුළුවන් එකම දේ උබේ සතුට විතරයි මගෙ මැනික.

ඒ වෙනුවෙන් මං මගෙ පණ ටික උනත් උබට දෙනවා.

කොහොම මොනවා සිද්ද උනත් මං උබට පොරොන්දු වෙනවා....
උබ මැරෙනකම්ම මේ විදිහටම මං උබ ලග ඉන්නවා.
මැරෙන තප්පරෙත් මං උබට මේ තරම්ම ආදරේ කරනවා.
ඒ වගේම උබ මැරෙන්නෙ කවද්ද... එදාටත් උබව තනි නොකර මං උබ එක්කම එනවා.

මං ඒක උබට පොරොන්දු වෙනවා නෙකී.

මැරුනට පස්සෙත් මං උබ එක්කම ඉන්නවා.
මේ මතක එක්කම ඉපදෙනවා.
උබව මේ තරම්ම පරිස්සම් කරනවා.

එදාට මං උබෙන් අහන්නම් මේ පළිගුව මතකද කියලා.

පළිගු...

ඔව් ඒක උබ දීපු නම.
මං පළිගු.
                                                        උබේ පළිගු.

✩。:•.─────  ❁ - ❁  ─────.•:。✩

                                                                                                             ༼ ප්‍රාති𖠜✍༽

┈━═☆ මං එනකම් ☆═━┈Where stories live. Discover now