᯽⊱─╌❊පහලොස්වන මතක පිටුව❊╌─⊰᯽

0 0 0
                                    

⫸නේද කිශාන් පුතා...
අපි එහෙම කරමු නේද...
කොහොමත් විච්චූරන නැතුව ඒක හොදයිනෙ

පිනා නේද නේද ගෑවට මෙලෝ හසරක් නොදන්නවා උනත් මං ඔව් කියලා ඔළුව වැනුවෙ පස්සෙ සිහියෙන් ඉදපු පමයගෙන්වත් අහගන්නවා කියලා හිතම්.
අපි ඒ මීටින් එක ඉවර වෙලා එහෙම්මම  ගියේ ඔඩිටේරියම් එකට.
ඒක තියෙන්නෙ ස්කූල් එකෙම් වෙනම වගේ ටිකක් උඩිම්.

⫷කිශාන් මේ....
අපි තොරණ එන්ට්‍රස් එකෙම් ගහලා එතකොට එක්සිට් එකට මොකක්ද කරන්නෙ

⫸අපි ඒ ගැන අවි අය්යලත් ආවමම කතා කරමු බං.
මං පොඩ්ඩක් නිදාගන්නවා පමයා.
ඊයෙ රෑත් නිදි නෑනේ.

⫷හරි එහෙනම් ඇතුලෙන් ඉදපං. මං මේ ටික බලන්නම්.

දවස දවස ගෙවිලා අන්තිමටම පිනා අපිට තරණෙ පටන් ගන්න දීපු කාලෙත් ඉවර උනා.

පටන් ගන්නම දවසෙ පරක්කු වෙලා යන්න බැරි නිසා නිදි මතත් හෝදගෙන මම හයහාමාර වෙද්දි ලෑස්තිවෙලා බයික් එකෙන්ම ඉස්කෝලෙට ආවෙ පමයවත් අරංමයි.

අපි ස්කුල් කිට්‍ එකෙන් ඉස්කෝලෙට ඇවිත් කොන්සට් එක පටන් ගත්තට පස්සෙ ඕන කරන ඒවා ආදගන්න ඒවත් අරංම ආවෙ.

මං ආපු ගමන් බැලුවෙ කෝලමව.
ඇති කෝලමක් නෑ.
ඊටපස්සෙ මමයි පමෙයි කැන්ටිමට ගාටලා තියෙන ටිකක් කාලා ප්ලේන්ටිය වෙනුවට ටී එකක්ම ගැහුවෙ ආයෙ කන වෙලාවක් ශුවර් නැති නිසා.

අපි ඒ ටික කරගෙන ප්‍රිෆෙක්ට් පොතේ සයින් කරලා ඔඩිය පැත්තට ගියා.

එතන මේ දවස් ටිකේම හැඩි වෙලා තිබ්බට ඊයෙ අපි හැමෝම එකතු වෙලා අස් කරපු නිසා පට්ටම ලස්සනයි.

ආසාවට වගේ මං පමයගෙන් ඊයෙ
"එසෙම්බ්ලි එකේ රොබරෝසියා මල් වලින් ශ්‍රි පාලි කියලා හදන එකත් හදමුද"
කියලා අහපු එක මූ පිනාගෙ කනේ තියලා ඇපෲ එකත් අරම් ඇවිත් තිබ්බා.

ඉතින් උදෙම්ම මමයි පමෙයි තව ප්‍රිෆෙක්ට්ලා වගේකුයි එකතු වෙලා මං ඇහිදලා අරං ඇවිත් ඔඩියෙ එන්ට්‍රි එකට මෙහායින් ලස්සනට ශ්‍රීපාලි කියලා හැදුවා.
ඇත්තටම පට්ට සතුටුයි ඉතින්.
ඒක හදලා ඉවර වෙද්දි කෝලමත් ඇවිත් පොඩ්ඩක් උදව් උනා.

┈━═☆ මං එනකම් ☆═━┈Where stories live. Discover now