කෝලමගෙ ඇදුම මතක් වෙලා ආපු කදුළු අතින් පිහද්දිම කාර් එකක් ගේ ඉස්සරහා නැවැත්තුවා ඇහුනා.
මේ මහ රෑ මොකා එන්නද කාර් වලින් කියලා හිතං මං ෆෝන් එක කොට්ටෙ අස්සෙන් ඇදලා වෙලාව බැළුවෙ මටත් නිදිමත තාම නැති නිසා.
රෑ දොලහටත් කිට්ටුයි.
වෙලාව 11.48යි.
තව ටිකක් එහෙම ඉදලම මම ඇදෙන් නැගිට්ටෙ මෙච්චර රෑ වෙලා මොකෙක් එන්නද කියලා හිතලා.
මම ස්ලිපර්ස් දාගෙන ජර්සි එකත් ඇදම් ලයිට් නොදාම කාමරේ දොර ඇරගෙන පඩිපෙල ලගට ගියේ පහල සද්දෙ ටිකක් වැඩි නිසා.⫷කෝ මිනිහො ඉතින් ඒ බෝතලේ.....
⫸අනේ මහත්තයො මං ගත්තෙ නෑ.
⫷තමුසෙ නොගත්තනම් මොන මල යකාද ඕයි ඒක ගන්නෙ...
පහලින් ආව කටහඩවල් වලින් මං අහුනගත්තෙ අල්විස් අංකල්ගෙ කටහඩ විතරයි.
එතකොට අනිත් කෙනා කවුද.
මොකක්ද මේ හොයන්නෙ.
කෝකටත් කියලා මං පඩිපෙල බහින්න ගත්තෙ අර කෑ ගහන මිනිහ අල්විස් අංකල්ට ගහන්න තරම් කේන්තියෙන් කෑ ගහන නිසා.⫸අනේ මහත්තයො මං මහත්තයගෙ දේවල් අදින්නෑනේ.
මං දන්නෑ මහත්තයො ඇත්තටම.⫷තමුසෙ ඒක බින්දද අල්විස්...
ආ.... තෝ ඒක බින්දා නේද පරයෝ....මං පඩිපෙල බහිද්දිම අර මිනිහා අල්විස් අංකල්ගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ගියේ උඳුන ලගට.
මං එහෙම්ම පැනලා අල්විස් අංකල්ව ඇදලා අරං ඒ මිනිහ මොකා උනත් කමක් නෑ කියලා හොදට අත දිග ඇරලා මගෙ අතත් රිදෙන තරමෙ කනේ පාරක් ගැහුවා.අල්විස් අංකල්ව තල්ලු කරං යද්දි ඒ මිනිහා මට පිටිපස්ස්ස හරෝගෙන හිටපු නිසයි ලයිට් දාලා නොතිබ්බ නිසයි මං ඒ කවුද කියලා නොදැක්කට කනේ පාර වැදෙද්දියි මං ඒ මොන වගේ එකෙක්ද කියලා දැක්කෙ.
බොඩි බිල්ඩර් කෙනෙක් වගේ එකෙක්.
ඌ උදුනට වඩා උඩ නිසා මූන හරියට පේන්නෑ.
පුරුදු සුවදක් ආවට මොකාගෙද කියලා මතක නෑ.ඌව හරියට නොදැක්කට ඇග දැක්කම පොඩ්ඩක් බයත් හිතුනා.
ඒත් එතකොට ඉතින් මං පරක්කු වැඩී.
අත බ්රේක් ගැහුවෙ කනට රතු වෙන්න ඇගිලි ටිකත් තියලා.
ESTÁS LEYENDO
┈━═☆ මං එනකම් ☆═━┈
Fantasíaනිකමට හිතන්න ඇත්තටම ඔයාට ඔයාව පතාගෙන එන කෙනෙක් ඉන්නවා කියලා. ගිය ආත්මෙත් පන වගේ ආදරේ කරලා අකාලෙ මැරිලා ගිය එයා මේ ආත්මෙදිත් ඔයාට ඒ තරම්ම ආදරෙන් හම්බ උනොත්?...... මේක එහෙම කතාවක්. කාලෙකට කලින් මං ලියපු කතාවක්. මේක තමා මගෙ ෆස්ට්ම ස්ටෝරි එක. ඉතින් ඒකත...