᯽⊱─╌❊එලොකොස්වන බලාහිඳීම (02) ❊╌─⊰᯽

1 0 0
                                    


⊰᯽⊱─╌❊එලොකොස්වන බලාහිඳීම
(02) ❊╌─⊰᯽⊱

උදෙම්ම ඇහැරුනේ කාර් එකක් ගේ ඉස්සරහා රේස් කරපු නිසා.

⫷මොන ප&යද ඕයි උදේ පාන්දර මැරෙන්න හදන්නෙ

හිතේ තිබ්බ තරහයි නිදිමතයි සේරටම එක්ක මං ටිකක් සද්දෙන් කෑ ගහලා ඇදෙන් ඉදගත්තෙ මගේ ගෙදර වගේ.
පස්සෙයි මතක් උනේ මං ඉන්නෙ අනුන්ගෙ ගෙදරක කියලා.
මං ආයෙ කොට්ටෙන් කන් වහගෙන නිදාගන්න හැදුවත් ගැරිජ් එකක වගෙ මෙතන සද්දෙ නිසා ඇදෙන් නැගිටලා මං මූනත් සෝදගෙන හිතින් අර නසරාණියට බැන බැනම එලියට ආවා.

ඌ නෑ.
කොච්චර හෙව්වත් හොයාගන්න නෑ..
කාර් එක ලග හිටියෙත් විල්සන් අංකල් විතරයි.
ඊටපස්සෙ මං මගෙ ස්පෙශල් කොෆි එක හදාගන්න කුස්සියට ගියා.

කොච්චර හෙව්වත් මට මගෙ චොකලට් එක හම්බුන්නෑ.
ඒකේ තේරුම අද ස්පෙශල් කොෆි එක නෑ කියලා.

මං ඉතින් නිකම් කොෆි එකකුත් හදාගෙන කාමරේට ආවෙ නවල් එකේ ඉතුරු ටික කියවන්න.
එද්දිම මගෙ ආසම සුවද ආවා.
ආයෙ කාමරේ කොනක ඉදම් බැලුවම ඇද ලගම තිබ්බ මග් එකක් දැක්කා.
අම්මෝ ඒ සතුට....
අතේ තිබ්බ මග් එක එතනම තිබ්බ මේසෙන් තියලා ඇද ළඟ ටේබල් එකේ තිබ්බ මග් එක ඇරලා නහය ලාට අරං සුවද බැළුවෙ හෙනම ජරා විදිහට තොලත් පොඩ්ඩක් ලෙවකාලා.

ඒත්........
කවුද මට මගෙ කොෆී එක හදන්න ඉන්නෙ.
කවුද මං හදන විදිහ දන්නෙ.
මං ඒවා හිත හිතම ඇදෙන් වාඩි වෙලා කොෆි එක දිහා බැලුවෙ බොනවද නැද්ද කියලා හිතන ගමන්.

දෙවියො මැව්වෙ නැත්තම් මේක මේ ගෙදර එකෙක්නෙ හදන්නෝන.
ඒත් හදපු එකා කවුද.
අනික මෙතනින් තියලා ගිය එකා කවුද.
මොනාහරි දාලාද දන්නෙත් නෑ.

එතකොටම ඊයෙ රෑ උන දේ මතක් උනා.
අර නසරානියා මාව මරන්න මොනාහරි දාලා මේක අරං ආවද දන්නෑනේ.
ඒත් ඌ කොහොමද මගෙ කොෆී එක ගැන දන්නෙ.

ඔළුව විකාරයි වගේ දැනෙද්දිම මතක් උනේ පමයව.
ඌ හිටියන අද....
එහෙනම් කෝ දීපං කියලා මේක බොයි.
උගුරු දෙකක් විතර බීලා මොනාහරි වෙනකම් බලාගෙන ඉදී.
ඊටපස්සෙ මට බොන්න දෙයි.

අනේ එහෙම යාළුවෙක්...
එහෙම ආදරයක්...
මං දන්නවා ඌ මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.
ඕනම තැනකට ඒවී.
ඕනම දෙයක් කැප කරාවි.
උගෙ පණ උනත්.
ඒ මගෙ පමයා.
මගෙ සහෝදරයා.
ඌ මගෙම නොවුනට ඒ තමා මගෙ සහෝදරයා.

┈━═☆ මං එනකම් ☆═━┈Où les histoires vivent. Découvrez maintenant