23.

131 10 33
                                    

"ඇයි ගහනකන්ද බලන් හිටියෙ?"

"අනේ බං? ඇයි මේ?"

"මට පාඩුවේ ඉන්න දියන් අයියෙ!"

නිම්නයා හිටියෙ අඬන්න වගේ.හැබැයි ඌ එහෙම මං වගේ ප්‍රසිද්ධියේ වැලපෙන පොරක් නෙවෙයි.

"මල්ලිලා උඹලා අතුගාන්න ඉන්න දවසට මතක් කරලා මේක අස්පස් කරලා තියාගනින්! උඹලගෙ පංතියට මොනිටර් කෙනෙකුයි වයිස් කෙනෙකුයි දාලා ඉන්නෙ ප‍ංති අතුගගා ඉන්න නෙවෙයි! හැබැයි අනික් දවසෙ මට උඹලව මාට්ටු වුනොත් එදාට දුලංජ නෙවෙයි මම උඹලට දෙන්නම් හොඳ දඬුවමක්!"

නිමේක්ෂ අයියා මුලු හෝල් එකටම ඇහෙන්න එහෙම කියාගෙන නිම්නයාවත් එක්කන් ග්‍රවුන්ඩ් එක පැත්තට ගියා.

මේ වෙලවට ඇත්ලටික් ප්‍රැක්ටිස්,බෑන්ඩ් ප්‍රැක්ටිස් හැම රෙද්දම තියෙනවා ග්‍රවුන්ඩ් එකේ.ඒ වුනාට මුං දෙන්නා මේ ගියේ ග්‍රවුන්ඩ් එකේ දකුණු කෙළවරේ තිබුන ස්විමින්ග් පූල් එක පැත්තට.

ගිහින් උන් දෙන්නා auditorium එකෙන් වාඩි වුණා.ඊට පස්සෙ ඉතින් දීර්ඝ කතා බහක්.

"නිල්නෙතූ.."

"මේක විහිලු කරන වෙලාවක් නෙවෙයි අයියෙ!"

"කවුද විහිළු කළේ? I love it"

"දැන් උඹ මාව මෙතනට එක්කන් ආවෙ මගෙ නම කියව කියව ඉන්නද?"

"කාම් ඩවුන් නිම්න.දුලංජ ගැන මං බලාගන්නම්.ඌ පහන්ගෙ මල්ලි නෙවේ තාත්තා වුනත් මට අදාලම නෑ !"

"උඹ මොනා කරන්නද අයියෙ? මං විනය භාරගෙ පුතානෙ අයියෙ? මගෙ ලොකුකමනෙ?"

"හිටපන්කො මං ඕකගෙ කට ගළවලා දානවා! ඇයි නිම්න උඹ ඕවා බොක්කටම ගන්නෙ? උඹ තනිවෙලා නෑනෙ? මට උඹ කරපු උදව්වල හැටියට මං කවදාවත් උඹව තනි කරන්නෙ නෑ මල්ලි"

අනේහ්හ්.. මගෙ බොක්කගෙ බොක්ක උණු වෙලා යන්න ඇති එවලෙ.නිමේක්ෂ අයියා සෑහෙන මහන්සි වෙන පොරක්.ඒ වගේමයි ඌ ඕනි දේකට දක්ෂයි.නිමේක්ෂ අයියා සයාශ් අයියා එක්ක වගේම අපේ නිම්නයා එක්කත් සෑහෙන ෆිට්.

"නිම්න..? කටවහන් ඉන්න එපා,උඹ අද කළා වගේ මින් පස්සෙත් අර ප#යා මොනාහරි කියවන් ආවොත් පුළුවන් උපරිමයෙන් කැගහලා උට බැනහන්.හැබැයි උට අතක්වත් තියන්න යන්න එපා"

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now