විසාල දවස් කීපයකට පස්සෙ ආයෙත් වසන්තෙ උදා වුනා සගෝ.ඒත් මට හිතාගන්න බැරි වසන්ත කාලෙට මල් පිපෙනව ද නැත්තම් කොළ වැටෙනවද කියලා.ජෝග්රොෆි කරපු නැති එකේ ඵල විපාකෙ තමයි සගෝ.
"උදේ පාන්දර උඹ කොහෙ යන්නද ඔච්චර හැඩ වෙන්නෙ?" මං නිදි නෑ සගෝ! මෙච්චර කල් පස්සට එලිය වැටෙනකන් නිදාගත්ත මම දැන් හිතලම උදේ පාන්දර ඇහැරෙනවා.වෙන හේතුවකට නෙවෙයි,එක්කෙනෙක් දැන් මාව අයිතිකටගෙනලුනෙ.ඌ මට නිදාගන්න දෙන්නෑ සගෝ!
තාම පාන්දර පහයි වෙලාව.මේ යකා ඇහැරුනේ තුනට.තුනේ ඉඳන් හතර වෙනකල් පාඩම් කරලා හතරෙ ඉඳන් පහ වෙනකල්ම මූණකට හෝදන් කොහෙදෝ යන්න ලෑස්ති වෙනවා.මූ මට ඇහැරෙව්වෙ නෑ.මගෙ ෆෝන් එකත් කොහෙද මංදා තිබිලා මූ ආයෙම මට ඒක දුන්න වෙලේ මම හිතලම හතරට විතර ඇහැරෙන්න එලාම් තියාගත්තා.එලාම් එකේ ටෝන් එක හින්දා හතරට ඇහැරුනා තමා යකෝ! මං මෙච්චර මගුල් වෙලත් එලාම් ටෝන් එකට දාන් ඉන්නෙ හොල්මනක් රහසින් කතා කරන ටෝන් එකක්.ඕක ඇහුනම ඉතින් ආයෙ මොනයකා ඇවිත් මාව නිදිකරවන්න හැදුවත් නින්ද යනවා බොරු.
ඒ වෙලාවෙ සයාශ් අයියා හිටියෙ බාතෲම් එකේ.ඉතින් පොර එනකල් මම ඇහැරලා මොකාද එකා වගේ ෂීට් එකත් පොරවගෙන නිදි කිර කිර ඇඳේ මැද්දට වෙලා ඉඳගෙන හිටියා.ඔව් ඔව්! මං දැන් ඉන්නෙ උගෙ කාමරේ තමයි! පස්න තියේද! පස්න? මේ පොර දැන් මට තනියම ඉන්න දෙන්නෑ සගෝ.ඌ හැමවෙලේම කියනවා මං තනියම ඉද්දි මට නොදැනෙන්නම මගෙ හිත ලෝකෙ වටේ දුවනවා කියලා.එහෙම දුවලා දුවලා අන්තිමට මහන්සි හිතුනම මොකක් හරි ජල්තරියක් දාන් ලොකූ ප්රශ්නයක් ඇති කරනවලු.මූ ප්රොපා වගේ බණ කියවන්න ගියහම මම පරාදයි කොයිවෙලෙත්.මොකද කිව්වොත් උගෙ වැඩිහිටිකමට ගරු කරන අහිම්සක මම්ලියෙක් විදියට මම ඌ කියන දෙයක් අහන් ඉන්නවා මිසක් එකට එක කියවන් යන්නෑ සගෝ.දන්නෝ දනිති මම නැමැති අහවලා ඇවිදින බෝධියක් බව.
හතරයි විස්සයි මූ බාතෲම් එකෙන් එලියට එනකොට.මං ඇඳට වෙලා බවුන් වඩනවා දැන් විනාඩි විස්සක් තිස්සෙ!
"ගුඩ් මෝනින්ග් ඕෂධ බේබි.." හාකො.. උඹ ඔහොම කීවට උඹට ගංගා නැන්දා වගේ වෙන්න බෑ යකෝව්.හැබැයි මූ ගංගා නැන්දා නොකරන වැඩකුත් කළා එවලෙ.උදේ පාන්දරම පැණි හලන්න පටන් ගත්තෙ නැතෑ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30