"උඹට මොකුත්ම කීවෙ නැද්ද අරූ?"
"නෑ බං... ඌ පැංචවත් අරන් කොහෙ ගියාද කියලවත් මං දන්නෑ.. ඌ මට අන්තිමට එවලා තිබ්බ මැසේජ් එකේ තිබ්බෙත් 'Ubala baya wenn epa.Habai mawa hoyn ennth ep! Within two weeks..I'll be back with my luv" කියලා විතරයි.උගෙ පණ්ඩිතකම ඉහ උඩටම ගහලනෙ දැන්! බලපන්කො ඉතින්.."
සට්ඩී සෙෂන් එකෙන් පස්සෙ නිවාඩු පාඩුවේ තේ එකක් බොන ගමන් උන් දෙන්නා කතා වුනේ එදා සිද්ධ වුන ඒ සිද්ධිය ගැනමයි.ඇත්තටම සයාශ් අයියා කලින් ගහපු ප්ලෑන එකපාරටම මෙහෙම වෙනස් කරයි කියලා නිමේක්ෂ අයියා හිතන්නවත් නැතු ඇති.හැබැයි ඉතින් අන්තිමට බොසා තනියමම රිස්ක් එක ගන්නයි හදන්නෙ ඔය.එක අතකින් ඒකත් හොඳයි.නැත්තම් මේ එක අවලන් ජීවිතයක් හින්දා අහක ඉන්න වුනුත් කරදරවල පැටලෙනවනෙ.
"යකෝ අරූ මගෙ ඕෂධයව එක්කන් පැනලා ගිහින්වත්ද? සිකේ.. පාහරයො දෙන්නා!" උඹ පාඩුවේ තේ එක බීපන්කො නිට්ටෑවා.එනව මෙතන පාහරයො ගාන්න!
"ඌ කවද්ද උඹේ වුනේ කියහන්කො නෙතූ.."
"උඹලා ඌව අඳුනගන්න කලින් ඉඳන්ම ඌ තමයි මගෙ වන් ඇන්ඩ් ඔන්ලි බොක්ක!"
"හැබැයි සයාශ් බොසා පොඩි කාලෙ ඉඳන්ම පොරට ලව්ලු.. ඒක නෙවේනෙ බං! බොසාගෙ ෆෝන් එකත් ඕෆ්! ඕෂධට මැසේජ් එකක්වත් දාලා බලපන්කො කොහෙද ඉන්නෙ කියලා"
ඌ තේ එක බීලා ස්ටූල් එක උඩ තිබ්බ ටියාරා කේක් කෑල්ලක් අරන් කටේ ඔබාගත්තෙ කේක් ප්ලේට් එක හෙමින් සීරුවෙ නිම්නයගෙ ඔඩෙක්කෙන් තියාගෙන.
ඔන්න නිම්මෝ..කාපන් පුළුවන් නම් දීසියත් එක්කම."උගෙ ෆෝන් එක වැඩ නෑ අයිසෙ! ආවරණ කලාපෙන් බැහැරව ඇතලු.ඔන්ලයින් ඇවිල්ලත් නෑ සතියකින් හමාරකින්"
"මොන හු##ද යකෝ මේක! අනෙ ඔය සයාශ් බූරුවට මම කලින්ම කීවා පඬියා නොවී හිටපන් කියලා! දැන් බලපන්කො නෙතූ.. කොහෙන් කියලා හොයන්නද මං මේකුන්ව!"
"උඹ බොරුවට ස්ට්රෙස් නොවී හිටපන්.. මට සයාශ් අයියව ෂුවර්! ඌ දෙයක් කීවොත් ඒක ලෙසටම කරනවා.උඹ වගේ නෙවේනෙ ඌ ස්ටෑන්ඩර්ඩ්!" නිම්නයා එහෙම කීවෙ අර පොරව අවුස්සන්න හිතාගෙන.අනේ නිට්ටෑවො! බොට ළඟදිම රිටර්න් එක හම්බෙයි ඤාව් ගෑවෙන්නම.. එතකන් සොමියෙ ඉඳපන්කො..
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30