51.

100 8 53
                                    

සැ.යු : මෙම කථාංගය සම්පූර්ණ මන'කල්පිත නිමැවුමක් බවත් මෙහි සඳහන් චරිත හා ඊට යොදා ඇති ඡායා රූප සියල්ල මන'කල්පිත බවත් යම් සෙයකින් මින් ඔබට අපහසුවක් හෝ අනිසි බියක් ඇති වේ නම් මෙය කියවීමෙන් වළකින ලෙසත් කාරුණිකව මතක් කර සිටිමි.

***

මොකද්ද යකූ ඒ හොටු කතාව! මුගෙන් දෙයක් අහනවට වඩා හොඳයි අර පාරෙ ඉන්න බම්ලෙක්ගෙන් අහගත්තනම්.ඌ බව් බව් හරි ගායි.එතකොට තේරෙන්නෑ කියලා හිත හදාගන්න බැරියැ.මූත් එක්ක බෑනෙ.කියන දෙයක් සම්පුර්ණ කියන්න දන්නෑනෙ.ගල් ඉබ්බා!

"මොකද්ද? උඹ පොඩි කාලෙ ඉඳන් කොල්ලොන්ට ලයින් දැම්මද අයියෙ?උඹ කීවෙ උඹෙ ෆ'ස්‍ට් ලව් එක කොල්ලෙක් කියලනෙ? සිරාවටම ඒ මම නෙවේද එතකොට?" මං සුපුරුදු පරිදි බබා පාට් එක දාගෙන ජනෙලෙන් එලිය බලාගෙන අරූගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.දැන් දීපන්කො උත්තර!

"දන්නෑ.හැබැයි මමා මාව එක්කන් ගියේ නම් ගෞරවී අක්කලා දිහාට.එදා තමයි මං ඒ කොල්ලව දැක්කෙත්.ෆිවුනරල් හෝල් එකේ අංකල්ගෙයි ආංටිගෙයි මිනී පෙට්ටි දෙකම එක ළඟ තියලා තිබ්බ හින්දා ඒවා වටේටම මල් වඩම් ගොඩක් තියලා තිබ්බා.ඒ කාලෙ ඒ මල් වඩම් මටත් වඩා උසයි"
හ්ම්.. පොර මේ කියවන්නෙ අපෙ අම්මගෙයි තාත්තගෙයි ෆිවුනරල් එක දවස ගැන කියලා මට තේරුම් ගියේ උගෙ කටින් අපෙ අක්කගෙ නම එලියට පැන්න හින්දා.ඒ කියන්නෙ එදා මට මූව හම්බවුනාද?මං දන්නෑ යකෝව්ව්ව්..

"අයියෙ උඹ? එදා.."

"අක්කා පණ දාගෙන උඹව හොයනවා.උඹ අර මල් වඩමක් අස්සට වෙලා හොටු පෙරන් අඬනවා.මල් වඩම එක්ක බලද්දි උඹ ඒකෙන් හතරෙන් එකක් විතර ඇති එතකොට.හොඳ වෙලාවට තමයි මට උඹව හම්බවුනේ.උඹට මතක නැතු ඇති එතකොට උඹ ගොඩක් පොඩියිනෙ"

"ම්.. අපරාදයක් ඒකනම්.මට හොඳම දේවල් හැමදාම මග ඇරෙනවනෙ" එහෙම කියාගෙන මම ෂටර් එක වහලා ඉස්සරහ බලාගත්තා.

"එදා උඹගෙ එක අතකට ආම් ස්ලින්ග් එකක් දාලා තිබ්බා.ඒ මදිවට නළලෙ පත ප්ලාස්ටර් එක්කුත් ගහලා තිබ්බා.ඒ මදිවට උඹට හොඳටම උණ.උඹ ඒ විදියට අඬනවා දැක්කම මට අපෙ එකාව මතක් වුනා එවලෙ.ඒකයි මං උඹට සාක්කුවේ තිබිලා චොක්ලට් එකක් දික් කළේ.අපෙ එකා අඬද්දිත් මං චොක්ලට් දීලා තමයි ඌව ශේප් කරවගන්නෙ.මං හිතුවෙ උඹත් ශේප් වෙයි කියලා"

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now